gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෝඨාභයට වැඩ වරදින ලකුණු!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අදාළ පෙත්සම් කිහිපයක් වෙනුවෙන් පෙනී සිටීමක් නොකරන බවට නීතිපතිවරයා (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත්කර නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම් 06ක් කැඳවු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මෙම දැනුම්දීම සිදුකර ඇත.

පසුගිය 2022 වසරේ අප්‍රේල් මස (01) වනදා අරගලය පැවැති අවස්ථාවේදී හදිසි නීතිය පනවා ඇදිරි නීතිය ප්‍රකාශයට පත්කර සමාජ මාධ්‍ය තහනම පනවා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම් ගොනුකර ඇත.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka