විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දින කිහිපයකට පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 10ක මුදලක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය පෙබරවාරි 23 වැනිදා විපක්ෂ නායකවරයා පුවක්පිටිය දකුණ ප්‍රාථමික විද්‍යාලයට පැමිණි අවස්ථාවේ ඔහුගේ ‘සක්වල’ වැඩසටහනේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගය සිදුකර ඇත.
කිසියම් පිරිසක් විදුහල් කාර්යාලයේ ඉදිරිපස දොර සහ අල්මාරිය කඩා දමා මුදල් සොරාගෙන ගොස් ඇති බවට විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
සිසුන් පාසලට පැමිණි අවස්ථාවේදී කාර්යාලයේ දොර කැඩී ඇති අයුරු දැක තිබේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNE-1wLKgi1l4M6KSJb-eRxbLpbweyBpPqIKgRc3coR6qmQxk5-JOJWIj4QiMCraxgL9_MzB0V_rFKq57arYNXKkRuvQUYqGaJb78HVCnY-ScE9pfuoos69YGZhXwDxzGYEhur4IOYpRGX/s1600/shareit.jpg)