gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සනත් නිශාන්ත හිටියනම් මට මෙහෙම වෙන්නෑ..- රියදුරු අධිකරණයේ හඬා වැටේ..

“සනත් නිශාන්ත මහත්තයා ජීවත්වලො සිටියා නම් මට මෙහෙම දෙයක් වෙන්නේ නෑ. මගේ රස්සාවත් නැති කළා. මට ජීවත් වෙන්න විදියක් නෑ” යනුවෙන් හිටපු ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ප්‍රභාත් එරංග දුල්නේෂා නැමැත්තා වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා හමුවේ අද (19) කියා සිටියේය.

සන්ත නිශාන්ත මහතාට මරු කැඳවූ කොළඹ – කටුනායක ආධිවේගී මාර්ගයේ කෙරළපිටිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුරට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු එසේ කියා සිටියේය.

මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා සැකකාර දුල්නේෂා නැමැත්තාට විදේශගත වීම වළක්වාළමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී දුල්නේෂා නැමැත්තා හැඩුම්බරව අධිකරණය හමුවේ එසේ පැවසීය.

මෙම සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථයේ ගැටුණු කන්ටේනර් රථයේ රියදුරු මෙන්ම සනත් නිශාන්ත මහතාගේ රථය පැදවූ දුල්නේෂා නැමැත්තා ද අධිකරණයේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාලව සිදුකළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහූ මෙම මාරක රිය අනතුරට අදාලව කළ විමර්ශනවල උදෘත ගොනු නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැයි දැනුම් දුන්හ.

නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් ලැබුණු පසු මේ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳව අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන්නේ යැයි කඳාන පොලිසියේ නිලධාරීහූ වැඩි දුරටත් අධිකරණයට දැනුම් දුන්හ.

මෙම සිද්ධියෙන් අතෘප්තියට පත්වූ බව කියමින් සනත් නිශාන්ත මහතාගේ බිරිඳගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා කරුණු ඉදිරිපත්කරමින් මෙම සිද්ධියේ දෙවැනි සැකකරුට එරෙහිව තමන් රහස් පෙලිසියට පැමිණි කර ඇතැයි දැනුම් දුන්නේය.

ඔහු විදේශගත වීමේ සූදානම් ඇති හෙයින් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන්නැයි නීතිඥ ධනරාජ් සමරකෝන් මහතා ඉල්ලීමක් කළේය.

ඉදිරිපත්වූ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස සිද්ධියට අදාල විමර්ශන කරන කඳාන පොලිසිය ඉල්ලීමක් කරන්නේ නැතැයි පෙන්වා දුන් අතර අගතියට පත් පාර්ශවයක් කරන ඉල්ලීමක් පිළිගනිමින් සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට අවකාශයක් නැතැයි අවධාරණය කළේය.

ඒ අනුව අගතියට පාර්ශවය කර ඉල්ලීමට අවසර දීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාල විමර්ශන කඩිනම් කිරීමට කඳාන පොලිසියට නියම කළේය.
-ada
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka