gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොදු පෙරමුණ ඔබට සහය දෙනවා කියලා තවම තීරණය කර නෑ…. සාගර ජනපතිට කියලා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු නිශ්චිත අපේක්ෂකයෙකුට සහය දැක්වීම පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බවත්  තම පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ වෙත  සහය දැක්වීමටනම් ඊට පෙර ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ඇති බවත් පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දන්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින්  ඩේලි මිරර් වාර්තා කරයි.
පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් විසින් මේ බව ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ  ජනාධිපතිවරයා     සමඟ පසුගියදා පැවති සාකච්ඡාවකදී ය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.
පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර  සාකච්ඡාවක්    ජනාධිපති නිල නිවසේ දී සැලසුම් කර තිබී ඇත. එහෙත් එක්වරම  එම සාකච්ඡාව    ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ස්ථානය වෙනස් කිරීමක් කර තිබිණි.  ඊට අමතරව ජනාධිපතිවරයා එම රැස්වීමට වෙනත් පක්ෂ සඳහාද කැඳවීම් කර තිබී ඇත.  පොදුජන පෙරමුණ හා සංවිධානය කළ රැස්වීම  පෙර දැනුම්දීමකින් තොරව     සර්ව පාක්ෂික රැස්වීමක් බවට පත් කර තිබිණි.  මුලදී ජනාධිපතිවරයාගේ නිවසට ආරාධනා කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රැස්වීමට සහභාගි වූයේ එය පක්ෂය සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් වනු ඇතැයි යන හැඟීමෙනි. මේ තත්ත්වය පොදුජන පෙරමුණේ දැඩි අප්‍රසාදයට හේතු වූයේය.   ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඊට එළිපිට විරෝධය පළ කළේය.

රැස්වීම ආරම්භයේදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ ක්‍රමවේදයන් පිළිබඳ ඉදිරි දර්ශන සාකච්ඡා  කිරීමට ඇති කැමැත්ත පිළිබඳ සිය අභිප්‍රාය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ නිමල් ලාන්සා කණ්ඩායමේ  පිිරිස්  ඇතුළු අනෙකුත් පක්ෂ නියෝජිතයන් මේ අවස්ථාවට  පැමිණ සිටීමත් සමඟ හමුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

මෙහිදි තමන් සහ ජනාධිපතිවරයා අතර ඇතිවනු ඇතැයි අපේක්ෂා කළ සාකච්ඡාවට  අනපේක්ෂිත ලෙස අනෙකුත් පක්ෂ නියෝජිතයින් ඇතුළත් වීම ගැන පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිය  කලකිරීම ප්‍රකාශ කරමින්  ජනාධිපතිවරණ කටයුතු හදිසියේ සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් නැති බව අවධාරණය කළේය.

ඕනෑම මැතිවරණ සාකච්ඡාවකට පෙර විසඳිය යුතු නිශ්චිත කරුණු ඇති බවත් ඔහු ජනාධිපතිවරයාට අවධාරනය කළේය.

ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  තර්ක කළේ කාලය නොමැතිකම හේතුවෙන් වෙනම රැස්වීම් පැවැත්විය නොහැකි බවය. .ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලය වැනි විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරී මැදිහත්වීම ඔහු උදාහරණ ලෙස උපුටා දැක්වීය.

ඊට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් පක්ෂවලට වඩා වෙනස් ලෙස ක්‍රියාකරන බව අවධාරණය කළ කාරියවසම් ජනාධිපතිවරයා සමඟ වෙනම හමුවක් අවශ්‍ය බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු නිශ්චිත අපේක්ෂකයෙකුට සහය දැක්වීම පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ඔහු පැහැදිලි කළේය.
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka