තරුණියගෙන් අඹ ඉල්ලූ ASP අඹවලින්ම ගහලා: තරුණිය රෝහලේ
පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිල දී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයකු අඹ ගෙඩිවලින් සහ මිල දර්ශන පුවරුවෙන් තමාට පහර දුන් බව පවසමින් 21 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙනවා.
ප්‍රහාරයට ලක් වූ බව කියන මොනරාගල දොඹගහවෙල ඇළේලන්ද පදිංචි ආර්.ටී. උද්දිකා නමැත්තිය ප්‍රතිකාර සඳහා සාලාව රෝහලට ඇතුළත්ව ඇති බවයි වාර්තාවන්නේ.
අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ වනහගොඩ ප්‍රදේශයේ පිහිටි පලතුරු වෙළෙඳසලකට අඹ මිල දී ගැනීමට පැමිණි අවස්ථාවේ එහි මිල සම්බන්ධයෙන් ඇති වූ කතාබහ දුරදිග යෑමෙන් අනතුරුව සහකාර පොලිස් අධිකාරිවරයා ව්‍යාපාරික කාන්තාවට අඹ ගෙඩිවලින් හා මිල දර්ශන පුවරුවෙන් පහර දී අනතුරුව තරාදියද ඇය දෙසට තල්ලු කර දැමූ බව එම කාන්තාව හංවැල්ල පොලිසිය වෙත පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව පොලිසිය ඇය වෙත 12/2024 අධිකරණ වෛද්‍ය පෝරමයක්ද නිකුත් කර ඇති අතර සිදුකළ මූලික විමර්ශනවලදී ව්‍යාපාරික කාන්තාවට මෙලෙස පහර දී ඇත්තේ සීතාවක පොලිස් කොට්ඨාසයට අනුයුක්ත සහකාර පොලිස් අධිකාරිවරයකු බවයි වාර්තාවන්නේ.
හංවැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
-monara
තරුණියගෙන් අඹ ඉල්ලූ ASP අඹවලින්ම ගහලා: තරුණිය රෝහලේ
2024-02-03T13:25:00+05:30
Gossip Lanka Hot News






