UNP ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානි ලෙස ලංකා බැංකු සභාපති පත් කරයි..
ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා මහතා පත් කර ඇත. රොනල්ඩ් පෙරේරා මහතා මේ වන විට ලංකා බැංකුවේ සභාපතිවරයාද වෙයි.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් මෙහෙයුම් කටයුතු කිරීම මෙම මෙහෙයුම් කමිටුවට පැවරෙන ප්‍රධාන රාජකාරියයි.
එමෙන්ම පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරණ යාන්ත්‍රය ද මෙම මෙහෙයුම් කමිටුව හරහා සිදු කිරීමට නියමිතව ඇත.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ලසන්ත ගුණවර්ධන, ශමල් සෙනරත්, ක‍්‍රීෂාන්ත තියඩෝර් යන මහත්වරුන් පත් කර තිබේ.
මෙම කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් පත් කිරීමටද තීරණය කර ඇත.
ජනාධිපතිවරණ මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමට ස්ථානයක් තෝරාගන්නා ලෙසද උපදෙස් ලබා දී ඇති අතර මැතිවරණ මෙහෙයුම් කටයුතු ගැන සැලසුමක් ද ලබා දෙන ලෙසත් පක්ෂ නායකයා විසින් උපදෙස් ලබාදී ඇත.
-lankacnews
UNP ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානි ලෙස ලංකා බැංකු සභාපති පත් කරයි..
2024-02-03T13:13:00+05:30
Gossip Lanka Hot News





