gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නාමල්ගේ මාමණ්ඩි පොර්ට් සිටියේ බිස්නස් කරන්නේ අවසරයක් නැතුව

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මාමණ්ඩියවන තිලක් වීරසිංහට අයත් Lanka Sportsrizen සමාගම ඇතුළු රාජපක්ෂ පවුලේ හිතවත් ව්‍යාපාරිකයන් සඳහා කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරයන් සිදුකරගෙන යෑමට දී ඇති අවසරයන් නීත්‍යනුකූල නැති බව නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් පාර්ලිමේන්තුව වෙත දන්වා යවා ඇත.

කොළඹ වරාය නගරයේ ක්‍රියාත්මක ව්‍යාපාරික සමාගම් ලියාපදිංචිය පිළිබඳව පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් 27 වැනිදා පැවැති රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (COPF) තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසු අතර, එම විමසුමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා විසින්, AG/41/2023න්අංකය යටතේ, පසුගිය දෙසැම්බර් 18 වැනිදා විද්‍යුත් තැපෑල හරහා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලිපියක් යවමින් තමන්ගේ නිරීක්ෂණ යවා ඇත.

එම ලිපිය මගින් 2021 අංක 21 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිවිධාන උපුටා දක්වමින් තම නිරීක්ෂණ ප්‍රකාශයට පත්කරන නීතිපතිවරයා 19.07.2021 22.07.2021 කාල සීමාව තුළ චයිනා හාබර් ඉන්ජිනේරින් කම්පැනි CHEC සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම CPCEC අතර විද්‍යුත් තැපැල් ලිපි හුවමාරුව අනුව සහ ඉහත පනතට අනුව Preclous house – Aqua Golf, Entertainment Unlimited & Event Works – Beach Park, Lanka Sportsrizen – Water Sports, W15 Angel Beach Club – Beach Club, Playbook – Mini Golf යන පාර්ශ්වයන් බලයලත් පුද්ගලයන් නොවන බවට පැහැදිලිවම සාක්ෂි තිබෙන බවට සඳහන් කර තිබේ.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතට අනුව බලයලත් පුද්ගලයෙක් හෝ ආයතනයක් වන්නේ කෙසේද යන්න නීතිපතිවරයා මෙහිදී කරුණු දක්වා තිබෙන අතර, එම පනතේ විධිවිධානයන්ට අනුව බලයලත් පුද්ගලයෙකු නොවන්නේ නම් ඔහුට හෝ ඇයට කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතු වල නිරත විය නොහැකිය.

මෙම ව්‍යාපාරික සමාගම්වලට අමතරව එම සමාගම්ද ඇතුළත්ව දැනට කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතු සිදුකරමින් සිටින සමාගම් 12ක නාමාවලියක් පිළිබඳව සඳහන් කරමින් නීතිපතිවරයා පාර්ලිමේන්තුව වෙත දන්වා යවා ඇත්තේ, තම දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති කරුණු හොඳින් සලකා බැලීමේදී, David Pieris city developments (pvt)ltd, One Property Lanka Investments (pvt)Ltd, Asvaya Holdings (pvt)Ltd, Tang Dynasty Ceylon Chinese Restaurant (pvt) Ltd, Lu Fortune Investment (pvt)Ltd යන සමාගම් ද කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතට අනුව, කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ සහ ඉන් පිටත ව්‍යාපාරවල නිරත වීමට නීත්‍යනුකූල අවසරය ලබා ඇති බලයලත් පුද්ගලයන් හෝ සමාගම් නොවන බවය.

නීතිපතිවරයාගේ මෙම නිරීක්ෂණයන් අනුව පෙනීයන්නේ දැනට කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාරික කටයුතු කරගෙන යන පුද්ගලයන් සහ සමාගම් එම කටයුතු සිදු කරගෙන යනු ලබන්නේ නීත්‍යනුකූල අවසරයක් නොමැතිව අනීතිකව බවය. (මුලාශ්‍රය – අනිද්දා පුවත්පත)


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka