gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊළග ආණ්ඩුව මාලිමාව බව IMF දන්නවා.. අප හමුවෙන්න ආවේ ඒ නිසා..

මීළඟට මෙරට පාලන බලය හිමිවන්නේ ජාතික ජන බලවේගය බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන හා ලෝකයේ බොහෝ රටවල් වටහා ගැනීමට පටන් ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර මුල් අරමුදලේ නියෝජිතයින් සමඟ ජාතික ජන බලවේගය මෑතකදී පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයද කැළඹී ඇත්තේ ඒ නිසා බවද ඔහු පැවසීය.

ත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදු කරන ලද සාකච්ඡා රහසිගත හමුවක් නොවන බවද ඔහු පැවසුවේ අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගය කරන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.

ජාතික ජන බලවේගය පමණක් තම ප්‍රතිපත්තිය හා ස්ථාවරය ප්‍රසිද්ධියේ හෙළි කර ඇතත් වෙනත් කිසිදු පක්ෂයක් එසේ කර නැති බවද ඔහු පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කළේ මීළඟට බලයට එන්නේ එය බව පිළිගෙන බව ද හෙතෙම සඳහන් කළේය.

බදු වැඩි කිරීමෙන් ජනතාවට සිදුවන බලපෑම පිළිබඳව ද මෙම අවධානය යොමු කල බවත් ඔහු පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka