gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මම සනත් නිශාන්ත… ගුටි කාලා එන්නේ නෑ… ගහලා හිරේ යනවා… සනත් නිශාන්තගෙන් ජනතාවට පණිවිඩයක්!

තමන් බෙම්පි සිංඤ්ඤෝ නොව සනත් නිශාන්ත බවත් බයේ පලා යන්නේ නැති සනත් නිශාන්ත   “ගහලා හිරේ යන “  ජාතියේ  පුද්ගලයෙක් බවත් රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පවසයි. ඔහු එසේ පවසන්නේ ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් රැස්වීමකට සහභාගීවීමට  ගොස්  නැවත හැරී පැමිණීමට සිදුවූ බවට තමන් පිළිබඳ පළවන වාර්තා  අසත්‍ය බවට ප්‍රකාශකරමිනි.

පුත්තලම, දළුව ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට මෙම ජනතා විරෝධතාව එල්ලවූයේය. එහෙත් ඔහු කියන්නේ එවැන්නක් සිද්ධ නොවුන බවය.

පුත්තලම දළුව ප්‍රදේශයේ පිහිටි නිර්මලපුර – නාවක්කාඩු මාර්ගය ලෝක බැංකු ආධාර මත මාර්ගය කාපට් යොදා සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව මූලික අදියරේ සාකච්ඡාවක් ඊයේ දළුව ප්‍රදේශයේදී පැවති අතර ඊට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත  ඇතුළු පිරිසක්ද පැමිණීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා දේශපාලඥයින් මැදිහත් වීමට ගම්වාසීන් එහිදී විරෝධය පළකර තිබුණි.

ඒ ගංවතුරින් තම ගම්මානයේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වූ අවස්ථාවේදී කිසිදු දේශපාලඥයෙකු තමන් පිළිබඳව සෙයා නොබැලූ බවට චෝදනා කරමිනි.

ගම්වාසීන්ගේ විරෝධය පිළිබඳව සැලවූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත   එම ස්ථානයට නොපැමිණ නැවත හැරී ගොස් ඇති බවට වාර්තා විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, කියන්නේ මෙවැන්නකි.

“ලෝක බැංකු ආධාර ව්‍යාපෘති නතරකිරීමට අරමුණු වුණේ මොකක්ද කියලා මම නිලධාරීන්ගෙන් ඇහුවා. කාපට් කරන කොටස පිළිබඳ වූ සාකච්ඡාවට ජවිපෙට සම්බන්ධ පිරිසක් ඇවිත් වෙනත් පාරක බෝක්කුවක් හදන්න කියලා. පළාත් සභා පාරවල් හදන්න බැහැ කියලා තේරෙන්නේ නැහැනේ.  අදාළ ව්‍යාපෘතිය පමණයි ක්‍රියාත්මක කරන්නේ. මාව එලවනවාද නැද්ද කියලා බලන්න මම එතනට ගියේ නැහැ… එය සම්පූර්ණ බොරුවක්.”
“චණ්ඩි එලෙව්වාට අපි බයේ හැරිලා එන්නේ නැහැ. මම ගුටි කාලා එන්නේ නැහැ… ගහලා හිරේ යනවා. මම බෙම්පි සිඤ්ඤො නෙමෙයි… මම සනත් නිශාන්ත මිසක් වෙන කවුරුත් නෙවෙයි.” 
– දෙරණ
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka