gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය බැංකුවලින් ණය අරන් ‌බිලියන 625කට පොල්ල තියලා... එක්කෙනෙක් ‌හෙලිකොප්ටරයක් අරන් දැන් උස්සන් යයි කියලා කටුනායක හංගලා - බැංකුවලට පොල්ල තියපු කෝටිපති ව්‍යාපාරිකයන්ගේ නම් ලිස්ට් එක අනුර හෙළිකරයි (VIDEO)

මහා භාණ්ඩාගාරය මගින් මෙහෙයවන රජයේ බැංකු ගිණුම් දෙක ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පවත්වාගෙන යමින් රුපියල් බිලියන 7,000ක අයිරාවක් දක්වා තිබියදී එම බැංකු දෙකම ලාබ ලබන බවත්, මෙම 2024 වර්ෂය වෙනුවෙන් රජයේ මුළු වියදම රුපියල් බිලියන 11,514ක් වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක කොළඹ පදනම් ආයතනයේ පැවති සම්මන්ත්‍රණයකදී හෙළි කරණු ලැබීය.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෙළ කළ මෙම වසර වෙනුවෙන් සත්‍ය වශයෙන්ම රජය දැරීමට සූදානම් වන මුළු වියදම පිළිබඳව හෙළි කළ මෙම කරුණු 2024 අයවැය කතාව අවසානයේ තිබෙන ඇමුණුම ii මගින් තහවුරු වේ. එහි සඳහන් වන්නේ ණය ගැනීම් හැර අපේක්ෂිත මුළු ලැබීම් රුපියල් බිලියන 4,164ක් සහ මෙම වර්ෂය වෙනුවෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය රුපියල් බිලියන 7,350ක් වන බවය.

එහෙත් අයවැය ඇස්තමේන්තුව 2024 නම් නිල ලේඛනය අනුව මෙම වසරේ රජයේ මුළු වියදම රුපියල් බිලියන 7,826ක් ලෙස දක්වා ඇත.

එම සම්මන්ත්‍රණයේදී වැඩි දුරටත් කරුණු දක්වමින් රාජ්‍ය බැංකු දෙක නොවන්නට පෞද්ගලික අංශයේ බැංකුවලින් රජයට රුපියල් බිලියන 7,000ක බැංකු අයිරා පහසුකම් ලබා ගත නොහැකි යැයිද එසේ තිබියදී ලංකා බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 325ක් සහ මහජන බැංකුවේ අක්‍රීය ණය ලෙස රුපියල් බිලියන 300ක් වශයෙන් රුපියල් බිලියන 625ක් පවතින බව ඔහු හෙළි කළේය. මෙම අක්‍රීය ණයවලින් අතිවිශාල කොටස දේශපාලන චෞර වලල්ලේ පිරිස්වලට ලබා දී අය කර නොගැනීමෙන් උද්ගත් වී ඇති බව පෙන්වා දෙනු ලැබීය. මෙසේ තිබියදී 2022 වසර වෙනුවෙන් ලංකා බැංකුව රජයට රුපියල් කෝටි 1,300ක බදු ගෙවීමෙන් පසුව එම වසරේදී රුපියල් කෝටි 3,200ක ලාබා උපයා ඇති බවත් එම වසරේදී මහජන බැංකුව රුපියල් කෝටි 800ක බදු රජයට ගෙවා රුපියල් කෝටි 1,400ක ලාබ උපයාගෙන තිබුණු බවද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පෙන්වා දෙනු ලැබීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka