gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විදේස් රටකින් ගොවින්ට දෙන්න ගෙනා අර්තාපල් ටොන් 21ක් බැක්ටීරියාවකින් විනාශයි!

යාපනයේ ගොවීන්ට බෙදා දීමට විදෙස් රටකින් ආනයනය කරන ලද අර්තාපල් අල මෙට්ට්‍රික් ටොන් 20.75 ක් පමණ බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් විනාශ කිරීමට සිදුවීම පිටුපස අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි පවසමින් උතුරු පලාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්.චාල්ස් මහත්මිය වහාම ඒ් පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදුකරන ලෙසට නිලධාරීන්ට නියෝග කොට සිටියාය.

මේ පිළිබඳව අනාවරනය වූවේ පසුගියදා යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීමේදීය.

මෙහිදී උතුරු පලාත් කෘෂිකර්ම නවීකරන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වරයාගෙන් කමිටු රැස්වීමේදී ආණ්ඩුකාරතුමිය විසින් දිගින් දිගටම ප්‍රශ්න කරමින් අසා සිටියේ,

අදාල අර්තාපල් අල ආනායනය කොට යාපනය කුප්පිලාන් ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන ඒ්මේදී කිසිදු තත්ව සහතිකයක් අධීක්ෂණය කර ඇත්ද, නිරෝධායන ක්‍රියාවලියක් සිදුකොට ඇත්දැයි, ඒමෙන්ම ඒම අර්තාපල් අල රැගෙන ඒ්මට අවසර දුන්නේ කව්රුන්ද , මෙම අර්තාපල් අල විනාශ කිරීමට වැය වන මුදල සහ ගොවීන්ට සිදුවන අසාධාරණය පිළිබඳව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳවය.

කෙසේ නමුත් මේම ප්‍රශ්න කිසිවකටත් අදාල නිළධාරියාට විධිමත්ව පිළිතුරු ලබාදීමට නොහැකි වීම මත මෙම අර්තාපල් අල ගෙන්වීමේදී අක්‍රමිකතා රැසක් සිදුව ඇති බැවින් ඒ් පිළිබඳව පුලුල් පරික්ෂණයක් සිදුකොට වාර්ථාවක් කඩිනමින් තමන්ට ලැබිය යුතු බවට ආණ්ඩුකාර තුමිය විසින් දැනුම් දෙනු ලැබුවාය.

මේ වන විට අදාල අර්තාපල් අල යාපනය කුප්පිලාන් ප්‍රදේශයේ ගබඩාකර ඇති අතර සියලුම අර්තාපල් බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් විනාශ වී ඇති අතරම ආනයනය කිරීමේදී සහ ඇසුරුම් කිරීමේදී මෙන්ම ප්‍රවාහනයේදී කිසිදු ආරක්ෂිත ඇසුරුම් පියවරක් ගෙන නොමැති බවට අනාවරනය වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka