gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශානිගේ ආරක්ෂාව වහාම තර කරන්න… අභියාචනාධිකරණය නියෝග කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට දැනට ලබාදී තිබෙන ආරක්ෂාවට අතිරේකව ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය ඊයේ (14) ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය.

ස්වකීය ජීවිත ආරක්ෂාව සලසන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනු කරනු ලැබ ඇති රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී  මෙම නියෝගය ලබා දුන්නේය.

පසුගිය 04 වැනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා දැනුම් දුන්නේ   පවතින බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති අතොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මේ බව අධිකරණයට කීවේය.

එදින අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය  අධිකරණයට දැනුම් දුනනේ ශානි අබේසේකර මහ මග ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කර ඔහුව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව බුද්ධි අංශ විසින්  අනාවරණය කරගෙන ඇති බවය.


අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝග කර තිබුණේ, ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ය.

පසුගිය 04 වැනිදා  පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තිදෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇති බවත් එම ආරක්ෂාව පිළිබඳව කිසිසේත් ම සෑහීමකට පත්විය නොහැකි බවත් ය.

තව ද පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර තිබුණ ත් එය මේ දක්වා ඉටුවී නොමැති බවට ද ඔහු චෝදනා කළේය.


අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  නඩුව ඊයේ (14) දිනට කැඳවන ලෙස නියෝග කළේය.

ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ශානි අබේසේකරගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස අභියාචනාධිකරණය රජයට නියෝග කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka