දෙමළ ජාතික පෙරමුණේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ඇතුළත් වීමට යෑමේ දී මාර්ගය අවහිර කළ ගම්මු හූ කියා මන්ත්‍රීවරයා පළවා හැරියේය. මන්ත්‍රිවරයා එන බවට සැලවූ වහාම දිවුලපොතාන ගම්මු ඊට විරෝධය පල කරමින් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණහ.
මෙම විරෝධයට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
එම ස්ථානයට කරදිය නාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී තිබිණි.
ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීන් චෝදනා කළහ.
වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන් එම ඉඩම් වලින් පලවා ක්‍රියා කරමින් සිටින බව මහවැලි බී කලාපයේ මාදුරුඔය දිවුලපතාන ගම්වාසීන් චෝදනා කරන්නේ සෑහෙන දවස සිටය.
යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන් දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, මාවනාවෙල, හේනානිගල, රතුගල, දඹාන, රත්කිඳ, ඇතුළු ප්‍රදේශවලින් පැමිණ 2009 සිට වර්ෂා ජලයෙන් හේන්වගාව නිදහසේ සිදුකරගෙන ගියද එය වළක්වා තමුන් වගා බිම් වලින් පන්නා දැමීමට කටයුතු කරන බව එම ගොවීහු කීහ.
නැගෙනහිර පළාතේ කිරි ගවයින් මෙම භූමියට නිදහස් කිරීමේ අරමුණින් දේශපාලකයින් පිරිසක් කටයුතු කරන බවද 1983 වර්ෂයේ පැවති යුදමය වාතාවරණය සමග ප්‍රදේශයේ පාරම්පරික හේන් වගාවේ නිරත පවුල් 1800 කට වැඩි පිරිසක් විවිධ පළාත්වලට විසිරී ගොස් නැවත සිය බිම් කරා පැමිණියේ 2009 වසරේ බවද ඔවුහු කීහ.
එතැන් සිට හේන් වගා කළ තමන් මෙම භූමියෙන් පළවා හැරීමට පාර්ලිමේන්තුව තුළත් වාදයක් ඇති වූ ආකරය ඔවුහු පෙන්වා දුන්හ.