gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති අපේක්‍ෂක වෙන්න මං සූදානම්!

ඉදිරි ජනාධිපති වරණයේදී කවුරුහරි ආරාධනා කලොත් පොදු අපේක්ෂකයා වෙන්න මම ඒ ගැන සලකා බලනවා යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පලකර සිටියේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මුණ ගැසීම සදහා ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයට පැමිණ ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් හිටපු අමාත්‍ය වරයා කියා සිටියේ, තව දුරටත් තමන් ස්වාධීනව සිටින බවත් කිසියම් කෙනෙකු හොද යෝජනාවක් කරන්නේ නම් ඉදිරි දේශපාලනය වෙනුවෙන් ඒ ගැන සිතා බලන බවයි.

මන්ත්‍රී කමේ සිට තමන් ජනතාව වෙනුවෙන් හොරකකම් වලට විරුද්ධව තව දුරටත් කටයුතු කරන බවද කීය.

මෙහිදී ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ පසුගිය කාලයේ මේ රට විණාශ වෙන්නට පො‍හොට්ටුව එක්ක වැඩ කල රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාද වගකිව යුතු බවත් කෙසේ හෝ එයින් මිදී එලියට පැමිනීම ඉතාමත් හොද කරුනක් බවද කීය. තවදුරටත් ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, ප්‍රතිපත්ති මත යන ගමනකට ඉදිරියේදී කටයුතු කල යුතු බවයි.

– ප්‍රගීත් ජනක


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka