gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මහින්ද රාජපක්ෂ මෙරට ජාතික වීරවරයන්ගේ නාමාවලියට ඇතුළත් කරනවා - සාගර කාරියවසම්

තවත් වසර පනහකින් සීයකින් මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජාතික වීරවරයන්ගේ නාමාවලියට ඇතුළත් වනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. ඔහු මෙම කියා සිටියේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති පොදු ජන පෙරමුණේ විශේෂ මහා සමුළුව අමතමිනි.

එහිදී ඔහු මෙසේද කියා සිටියේය.

“පක්ෂයේ මහලේකම් ලෙස අද දිනය ගැන සතුටු වෙනවා. අපේ පක්ෂයට සම්බන්ධ නැතත් ජාතික වීරයෙක් ගැන අපි කතා කරනවා. එතුමා උපත ලබන්නේ 1964 වසරේ. කරෝලිස් හේවාවිතාරණ මහතාගේ පුතා ලෙස දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස උපන්නා. ඒ කාලයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබුණා. මේ යුගයේ හේවාවිතාරණ තරුණයා මේ රටේ ජනතාව විදින දුක දැකලා පීඩාවන් දැකලා තීරණය කරනවා අනගාරික ධර්මපාල නමින් රටට සේවය කරනවා. එතුමා මේ රටේ නිදහස් සටනට පණ පොවනවා. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ශක්තිය දෙනවා. මේ රටේ අධ්‍යාපනය, පේෂ කර්මාන්ත ආදිය නඟා සිටුවනවා. නමුත් රටට මෙතරම් මෙහෙයක් කළ මේ වීරයාට හොරා හොරා කියලා මේ රටින් එළවා දමනවා. මේ රටේ ළමුන් 100 ක් ඉපදුණොත් එයින් 3 ක් කුහකයන් වෙනවා. ඒ සියයට 3 කිසිඳු වැඩක් කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ මේ රට වෙනුවෙන් කටයුතු කරන අයට අවලාද කරමින් ජීවත් වීමයි. මේ සියයට එදත් සිටියා. එතුමාට හොරා හොරා කිවුවා. එතුමාට මේ රට එපා වෙලා ඉන්දියාවට ගොස් පැවිදි වුණා. අද දෙවැනි ජාතික වීරයෙක් ගැන කතා කරනවා.

1945 වසරේ එතුමා උපදිනවා. ඒ මහින්ද රාජපක්ෂ නමින් එතුමා උපදිනවා. එතුමා මේ රටේ නායකත්වය ගන්නවා විතරක් නොව මේ රටේ කිසිඳු නායකයෙකුට අවසන් කරන්න නොහැකි වූ යුද්ධය අවසන් කර සාමය ගෙනත් දෙනවා. ඒ විතරක් නොව බ්‍රිතාන්‍යයන් මේ රටෙන් යනවිට අපිට දුන් රේල්ලුව, ගුවන් තොට ආදිය පළමු වරට සංවර්ධනය කරනවා. නව ගුවන් තොටුපළවල්, වරායන්, මාර්ග ඉදිකරමින් සියලු සංවර්ධනයන් සිදුකරමින් මේ රට වෙනම තලයතට ගෙනයනවා. නමුත් අර සියයට 3 ජනතාව එතුමාටත් බොරු අවලාද චෝදනා නඟනවා. එතුමා ගැන වෙනම පරිච්ඡේද අද ලියවෙනවා. මේ රටේ තවත් වසර 50 ක් 100 ක් යනවිට ජාතික වීරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් වෙනවා. එදා ධර්මපාල තුමාට සියයට තුන හොරා කියනවිට මේ රටේ ජනතාවට නොහැකි වුණාට මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කර ගන්න විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මේ අවස්ථාවට සහභාගි වූ සැමට අපේ පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් මගේ ගෞරවය පිරිනමනවා”

– Media unit


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka