gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලබන ජනවාරියේ ආරක්ෂක ලේකමුත් ගෙදර!

ලබන ජූලි සහ සැප්තැම්බර් මාස අතරතුර පැවැත්වීමට සැලැසුම් කරමින් සිටින ජනපතිවරණය හේතුවෙන්  වත්මන් ආරක්ෂක ලේකම් සිදුවිය හැකි බවට වාර්තා පැතිර තිබේ. ඒ අනුව එම වෙනස ලබන ජනවාරියේ දී සිදුවිය හැකි බවත්, වත්මන් ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවට හිටපු යුද හමුදාපතිවරයකු වන ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා පත්වනු ඇතැයි ද පැවසේ.

කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ධූරයට පත්කෙරුණේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 බලයට පත්වීමත් සමඟය.

ජනරාල් ජගත් ජයසූරිය මහතා වසර 2009 සිට 2013 දක්වා ශ්‍රී ලංකාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය නියෝජනය කරන හිටපු හමුදා ප්‍රධානියෙකි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ජනවාරි මස දෙවැනි සතියේ ආරම්භ කෙරෙනු ඇතැයි ද පැවසේ.

එම ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරයේ කළමනාකරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා පත්කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

ඊට පෙර සාගල රත්නායක මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ධූරයෙන් ඉවත් වීමට ද නියමිත බව පැවසේ.

එහෙත් ඔහු දරන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන උපදේශක ධූරය තවදුරටත් දරනු ඇතැයි ද වාර්තා වෙයි.

මූලාශ්‍රය – දේශය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka