gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ජාතික සංවිධායක තනතුරින් බැසිල් ඉවත් වෙයි!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  ජාතික සංවිධාක තනතුර හිස්ව තබන්න   පක්ෂය තීරණය කළ බවත්. ඉදිරියේදී  ගන්නා දේශපාලන තීන්දු මත සුදුසු පුද්ගලයෙක් පත් කරගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

පොදු ජන පෙරමුණේ  නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව එම  පෙරමුණේ  නව නිලධාරී මණ්ඩලය අද පත් කළ  අවස්ථාවේ දී එම තීරණය ගෙන තිබේ.
 
තීරණය ගනු ලැබුවේ බැසිල් රාජපක්ෂගේත් අනුමැතිය සහිතව බව නාමල් රාජපක්ෂ කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්  යළිත් වරක් පක්ෂයේ මහලේකම් ලෙස පත් කර ඇත. ඊට අමතරව පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි   පත් කරනු ලැබ තිබේ. පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරුවල ධම්මරතන හිමියන් යළි පත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සිය දේශපාලන මණ්ඩලයට සාමාජිකයින් පත් කළ අතර එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක ධුර ද  නිර්මාණය වි තිබේ.

මෙම තනතුරු  දෙක සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයෙකු පසුව තෝරා ගැනීමට පක්ෂය අපේක්ෂා කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka