gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පුවත්‘‘සාගල කියන්නෙ මොකෙක්ද?’’ කොළඹට පෝස්ටරයක්; ගහන්නේ චොප්පෙගේ පුතා

‘‘සාගල කියන්නෙ මොකෙක්ද?’’ යනුවෙන් සඳහන් වන පෝස්ටරයක් කොළඹ නගරයේ ඇලවීමට යන බවට මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ ජනපතිවරයාගේ ඩුබායි සංචාරය අතරවාරයේ බවත්, ‌ඒම යෝජනාව කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි මැදකොළඹ එජාප සංවිධායක කිත්සිරි රාජපක්ෂ මහතා (චොප්පෙගේ පුතා) බවද පැවසේ.

සති අග අරුණ පුවත්පතේ “ජන රජය” කොළමෙන් මේ බව අනාවරණය කර තිබේ.

එහි සම්පූර්ණ සටහන මෙසේය.

“ජනාධිපතිවරයා සතිය ආරම්භයේ සිටියේ ඩුබායිහි පැවැති දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වෙමිනි. ජනාධිපතිවරයා සමග පක්ෂ – විපක්ෂ මන්ත්‍රිවරු රැසක් සමුළුවට එක් වූ අතර ජනාධිපතිවරයාගේ සමීපතමයකු වන කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රි මැදකොළඹ එජාප සංවිධායක කිත්සිරි රාජපක්ෂද එක්ව සිටියේ පෞද්ගලිකවය. ඔහුට සමුළුවට එක්වීමට අවසර නොමැති වුවත් ජනාධිපතිවරයා සිටි හෝටලයට නිතර ගමන් කළේ විවිධ වැඩකටයුතු සඳහාය.
එක් අවස්ථාවකදී හිටපු නාගරික මන්ත්‍රිවරයා ජනාධිපතිවරයා හමුවට ගොස් ‘‘වට්ස්අප්’’ මාර්ගයෙන් ලැබී තිබූ සතිඅග අරුණ පුවත්පතේ ලිපියක් පෙන්නුවේය. ‘‘සාගල කියන්නෙ මොකෙක්ද?’’ යන ශීර්ෂ පාඨය යටතේ සතිඅග අරුණ පුවත්පතේ පළ වූ ලිපිය කියවා බැලූ ජනාධිපති කීවේය. ‘‘ගුඩ්.. මේ ගැන සාගලටත් කියන්න යනුවෙනි. ‘‘අපි සාගල කියන්නේ මොකෙක්ද කියලා කොළඹ පෝස්ටරයක් ගහමු’’ හිටපු නාගරික මන්ත්‍රි කිත්සිරි රාජපක්ෂ කළ යෝජනාවට ජනාධිපතිවරයා අනුමැතිය දුන්නේය. ඉන්පසු නාගරික මන්ත්‍රිවරයා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකද සතිඅග අරුණ පුවත්පතේ ලිපිය ගැන දැනුවත් කළේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවය.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka