මිහින්තලා රාජ මහා විහාරයේ විහාරධිපති වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ අරමුණින් හමුදා නිලධාරියෙකු ඊයේ (08) පස්වරුවේ එම විහාරස්ථානයේ රැඳී සිටි බවට වන පුවතක් වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ, යුධ හමුදාවේ සේවයේ නියුතු නිලධාරියෙක් එම විහාරස්ථානයේ රැඳී සිට ඇති බවත්, මිහින්තලා විහාරයේ පොලිස්මුරපොළ නිලධාරින් විසින් ඔහුව සෝදිසි කිරීමට ලක් කර ඇති බවයි.
ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, නොච්චියාගම යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති බවත් ඔහුව මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් සහ නොච්චියාගම හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියා විසින් හඳුනා ගෙන ඇති බවයි.
කෙසේ නමුත් සැකකාර යුධ හමුදා නිලධාරියාව මේ වන තුරු අත්අඩංගුවට ගෙන නැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.