gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හසලක තුෂාර ‘අද දෙරණ’ නිවුස් කියන්න ගිහින් වාරණයක් දාගනියි

SLVlog Pod Talks වැඩසටහනට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් පෙරේදා (08) නිකුත් කරනු ලැබුවේය. ඒ, YouTube අවකාශයේ පවත්වාගෙන යනු ලබන SLVlog Pod Talks නමැති වැඩසටහනේ හසලක තුෂාර සංජීවට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ අයත් පවර් හවුස් පුද්ගලික සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීය.

පවර් හවුස් පුද්ගලික සමාගම ගොනු කළ එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, කොළඹදී පැවති මෝඩාභිමානය නම් වැඩසටහනකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරියව ඉකුත් මැයි 28 වනදා අත්අඩංගුවට ගැනුණු බවය.

පසුව ඇය රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් පසු ජූලි 06 වනදා කොළඹ මහාධිකරණය මගින් ඇප නියම කෙරුණි.

නතාෂා එදිරිසූරිය යන අයට ඇප ලබාදීමට අදාළ පුවත අද දෙරණ 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් වාර්තා කළ ආකාරය විවේචනය කරමින් පදනම් විරහිත සහ අපහාසාත්මක ලෙස SLVlog Pod Talks හරහා හසලක තුෂාර සංජීව විසින් වැඩසටහනක් විකාශය කර තිබිණි.

ඒ හරහා අසත්‍ය, අපහාසාත්මක සහ ද්වේශසහගත ප්‍රකාශ සිදුකරමින් අද දෙරණ ට චෝදනා එල්ල කිරීමට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම විසින් එම නඩුකරය ගොනුකර තිබේ.

ඒ අනුව අද දෙරණට අපහාස කිරීමට සහ අපහාස වන අයුරින් දිගින් දිගටම ප්‍රකාශයන් හෝ ප්‍රචාරයන්, වැඩසටහන්, කරුණු ඉදිරිපත් කිරීම කරගෙන යෑමට විත්තිකරුට අයිතියක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස පැමිණිලිකරු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විත්තිකරුගෙන් රුපියල් මිලියන 500ක මුදල සහ එම මුදල මත පැමිණිල්ලේ දින සිට තීන්දු ප්‍රකාශයේ දින තෙක් නෛතික පොලියද එකී තීන්දු ප්‍රකාශිත සම්පූර්ණ මුදල මත එකී මුදල ගෙවා නිම කරන තෙක් නෛතික පොලිය ද සමග අය කර දෙන ලෙසත් ඉල්ලා ඇත.

මෙම නඩුකරය ගොනුකරමින් අද දෙරණ තවදුරටත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ, පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්ය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා ද වළක්වාලනු ලබන ස්ථීර ඉන්ජන්ෂන් තහනම් ආඥාවක් නිකුත් කරන ලෙසත්ය.

මෙම නඩුව අසා තීන්දු කරන තෙක් පැමිණිලිකරුට සහ පැමිණිලිකරුගේ කාර්යය මණ්ඩලයට කවරාකාරයකින් හෝ අපහාසයක් සිදු කිරීමෙන් විත්තිකරු ඇතුළු ඔහුගේ සේවක නියෝජිතාදීන් ද ඔහු මගින් සහ ඔහු යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා ද වළක්වාලනු ලබන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබිණි.

නීතිඥ තුෂාරා සමන්පාලි අමරසිරි මහත්මියගේ උපදෙස් මත නීතිඥ සාලිත පෙරේරා, නීතිඥ අකිල අලුත්වත්ත සමග නීතිඥ ශමිත් ප්‍රනාන්දු පැමිණිලිකාර අද දෙරණ හිමි පවර් හවුස් පුද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටියහ.

මූලාශ්‍රය – අරුණ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka