gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිවි පුදා හෝ වංචා දූෂණ නතර කරන බවට මිහින්තලේ හිමිගෙන් පොරොන්දුවක්!

වර්තමානයේ බුද්ධ ශාසනයට මෙන්ම මහා සංඝරත්නයට එල්ල වී ඇති අභියෝග සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහා නාහිමිවරු දැනුවත් කිරීම සඳහා මිහින්තලේ රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැන්ගුණු වැවේ ධම්මරතන හිමියෝ මහනුවරට පැමිණියා.

උන්වහන්සේ ප්‍රථමයෙන් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැ දැක උද්ගතව පවතින තත්ත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත්තා.

උන්වහන්සේ ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වර්කාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දැක උද්ගතව පවතින තත්වය සම්බන්ධයෙන් උන්වහන්සේ දැනුවත් කළා.

ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මිහින්තලේ විහාරාධිපති හිමි කියා සිටියේ මේ රටේ වංචාවට, දූෂණයට මෙන්ම අවනීතියට එරෙහිව ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහා සංඝරත්නය  දඩයම් කිරීමේ නින්දිත වෑයමක රජය නිරතව සිටින බවයි.                                                     

ඉදිරි අයවැයෙන් තවදුරටත් ජනතාව පීඩාවට පත් කරන වත්මන් රජය පලවා හැරිය යුතු බවත් උන්වහන්සේ පැවසූවා.

මිහින්තලේ පූජා භූමියේ සංවර්ධන කටයුතුවල නිරතව සිටි න හමුදා සාමාජිකයන් නැවත කැඳවීමට ආරක්ෂක අංශ ප්‍රධානීන් කටයුතු කිරීමෙන් අවැඩක් වෙන්නේ තමාට නොව මුළු මහත් බුද්ධ ශාසනයට බවද සඳහන් කළ උන්වහන්සේ කියා සිටියේ මිහින්තලා පුද බිම තමාගේ පුද්ගලික අයිතිවාසිකමක් නොව  මුළු මහත් බෞද්ධාගාමිකයන්ට අයත් පුණ්‍ය භූමියක් බවයි.

මෙම අකටයුතු නවතා දමන තෙක්ම සටන රැගෙන යන බවත් ජීවිතය පූජා කොට හෝ වංචා දූෂණය හා ජන  පීඩනය නවත්වන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka