gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ආණ්ඩුව ඇතුළේ තවත් අර්බූදයක්ද? ඩයනාට-සුජිත්ට-රෝහණට මාසයක් සභාව තහනම් කරන්න ආණ්ඩුව ගෙනා යෝජනාවට ආණ්ඩුවේම තුන්දෙනෙක් ඡන්දය දුන්නේ නෑ! විජයදාසත් විපක්ෂය වගේම පිටව යයි! විදුර-චින්තක ඇතුළෙ හිටියත් ඡන්දය නොදෙයි!

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි රාජ්‍ය ඇමතිනි  ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට  තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ සම්මත විය.

එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විරුද්ධව ඡන්දය ලබා ලබාදුන්නේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් මහතා ය.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටීමය.

මෙසේ ඡන්දය දීමෙන් වැළකී සිටියේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, අමාත්‍ය විදුර වික්‍රමනායක සහ චින්තක අමල් යන මහත්වරුන්ය.

මෙහිදී විජයදාස රාජපක්ෂ මහතා විපක්ෂය සිදු කළාක් මෙන්ම සභා ගැබෙන් පිටව ගිය අතර විදුර වික්‍රමනායක මහතා සහ චින්තක අමල් යන මහත්වරු සභාවේ සිටියද ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ඡන්දය විමසන  අවස්ථාවේදී සමග ජන බලවේගයේ  මන්ත්‍රීවරුද සභාවෙන්‍‍ පිටව ගියහ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka