ව්‍යාජ ඉන්වොයිස් ඉදිරිපත් කොට රටට පැමිණිය යුතු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදෙස් රටවල ආයෝජනය කර හෝ බැංකුවල තැන්පත් කර ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ පසුගිය අවුරුදු 12ක් තුළ ඩොලර් බිලියන 53.5ක මුදලක් එසේ රටට පැමිණිය යුතු බවත්, 2022 වසරේදී ඩොලර් බිලියන 3ක් රටට පැමිණිය යුතු වීම නිසා මුලු මුදල ඩොලර් බිලියන 55.5ක් බවත්ය.
ඇතැමුන් නිර්යාත ඉන්වොයිස්වල ව්‍යාජ ගණන් ඉදිරිපත් කොට ඩොලර් මිලියන 30 හෝ 40ක ලාබ උපයන බව කී අමාත්‍යවරයා පසුව ඒවා එම රටවල ආයෝජනය හෝ ඉතුරුම් ලෙස පවත්වාගෙන යන බවද කියා සිටියේය.
