gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෂාෆ්ටර් සිය දිවි නසා ගත්ත ද?.. මරුව ද?.. මරණය සම්බන්ධ විශේෂඥ අධිකරණ වෛද්‍ය වාර්තතාවෙන් හෙළිවන මරණයට හේතුව ප්‍රකාශ වෙයි!

රටේ දීර්ඝ විසංවාදයක් සහ සැක කටයුතු අවස්ථා ගණනාවක් නිර්මාණය කරමින් සිදුවූ  ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්ගේ    මරණයට හේතුව අද (01) ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ  (31) නිවේදනය කළේය.

දැඩි ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් මැද ඇදී ගිය නඩු වභාගය අතර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට අධිකරණ නියෝග මත ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ පංච පුද්ගල වෛද්‍ය මණ්ඩලයක් පත් කෙරුණු අතර එම අධිකරණ වෛද්‍ය වාර්තාව ඊයේ  අධිකරණය වෙත භාර දෙනු ලැබුවේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය  මුද්‍රා තබා තිබූ එම වාර්තාව භාරගත්තාය. අනතුරුව ෂාෆ්ටර් ගේ මරණයට හේතුව හෙට දින ප්‍රකාශයට පත්කරන බවත් නිවේදනය කළාය.

මියගිය අයගේ ඥාතීන් වෙනුවෙන් මෝසමක් අධිකරණයට ඉදිරිපත් කරමින් අධිකරණයෙන් අයැද තිබුණේ මෙම විශේෂඥ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තම නීතිඥවරුන්ට කරුණු දැක්වීමට අවසර දෙන ලෙසය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණයේ දී සිදුවන්නේ යම් පුද්ගලයෙකු මරණයට හේතු වූ දෘශ්‍යමාන හේතුව අනාවරණය කරගැනීම පමණක් බව ද

එවැනි පරීක්ෂණයකදී බාහිර පාර්ශවයන්ට කරුණු දැක්විය හැකි බවට කිසිදු ප්‍රතිපාදනයක් නීතිය තුළ දක්නට නොමැති බව ද දන්වා සිටියාය.

ඒ අනුව මේ වන විට කරාපිටිය රෝහලේ රඳවා තිබෙන මියගිය ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය ඔහුගේ ඥාතීන් වෙත භාරදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නියෝග කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෘත ශරීරය ජාවත්ත සුසාන භූමියේ භූමිදානය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

මෙහිදී විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත සිය ස්තූතිය පළ කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය විශ්වවිද්‍යාල රාජකාරි මධ්‍යයේ අධිකරණ නියෝග මත මෙම විමර්ශනයට සහාය වීම සම්බන්ධයෙන් තම කෘතඥතාවය පුද කරන බවත් සඳහන් කර සිටියාය. 

දෙරණ –


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka