gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උද්ඝෝෂණය මුස්ලිම් පිරිසක් ආක්‍රමණය කරයි... හාමුදුරුවන්ට හොඳටම තරහා යයි (VIDEO)

පලස්තීන, ඊශ්‍රායල් යුද්ධය නවත්වන ලෙස ඉල්ලා බෞද්ධ සම්මේලනය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වුණා.

මුස්ලිම් සංවිධානයක් සහ බෞද්ධ භික්ෂූන් භික්ෂුන් වහන්සේලා පිරිසක් මෙහිදී විරෝධතාවයේ නිරත වුණා.

මෙහිදී අදහස් දැක්වූ ජාතික සමගිය සඳහා වූ අන්තර් ආගමික සංවිධානයේ මුස්ලිම් කටයුතු සම සබාපති M.මෞලානා, ලෝක සාමය උදෙසා මෙම විරෝධතාව සිදුකරන බවයි ඔවුන් පැවසුවේ යුද්ධය අවසන් කර සාමය ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කළ යුතු බවයි ඔවුන් අවධාරණය කළේ.

මෙහිදී අදහස් දැක්වූ අහුන්ගල්ලේ ජිනරතන හිමි,

යුද්ධයෙන් දරුවන් මිය යන බවත් මෙම යුද්ධය නවත්වන ලෙස බල කිරීමට බෞද්ධ මහා සම්මේලනයේ ස්වාමීන් වහන්සේලා සමඟ සාමය වෙනුවෙන් දෙගොල්ලම කැප වෙන්න කියලා තමයි අපි අවධාරණය කරන්නේ.බෞද්ධ මහා සම්මේලනය සම්මේලනයට ඉදිරිපිට මහා සංඝරත්නය වැඩම කළේ සාමය ඇති කිරීමට බවත් ත්‍රස්තවාදය වැපිරීමට නොවන බවත් මෙහිදී කියා සිටියා.

මෙම අවස්ථාවට සහභාගි වූ මහා සංඝරත්නය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ මෙම ස්ථානයේ පලස්තීනයට සහය දැක්වීමට උද්ඝෝෂණයක් පැවැත්වුවත් මෙම ස්ථානයේ වෙනත් අරමුණකින් කටයුතු කළ පිරිසක් සිටි නිසා එම ස්ථානයෙන් ඉවත් උන බවයි.

තමන් වහන්සේලා පැමිණුනේ පලස්තීනයට සහයෝගය දැක්වීමට සාමය වෙනුවෙන් බවත් යම් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොවන බවත් පැහැදිලි කළා.

මේ ස්ථානයේ සූදානම් කළේ යුද්ධයෙන් සාමය ඇති කරන්න පණිවිඩය දෙන්න නමුත් උපක්‍රමිකව මුස්ලිම් ඇත්තෝ මෙතන ආක්‍රමණය කරලා ඊශ්‍රායලයට එරෙහි විරෝධතාවක් බවට පත් කළා.

පසුව බෞද්ධ භික්ෂූන් වහන්සේලා මේ බව මාධ්‍යයට ප්‍රකාශ කරමින් එම ස්ථානයෙන් ඉවත්ව ගියා.

ඒ අනුව එම ස්ථානයේ සිටි මුස්ලිම් පිරිසට ද පිරිසටද එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙසයි මහා සංඝරත්නය දැනුම් දුන්නේ.

බෙංගමුවේ නාලක හිමියන් සහ මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින් පිරිසක්ද එක්ව සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka