gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ටියුෂන් බණ්ඩාර දිසානායකට අධිකරණයෙන් කෝටියක​ට වැඩි දඩය​ක්

බදු ගිවිසුමක් උල්ලංඝනය කරමින් නීති විරෝධීව පානදුරේ ගොඩනැගිල්ලක් බලහත්කාරයෙන් රැඳී සිටියේ යැයි කියන ක‌ොහුවල සක්‍යා ඇකඩමි හයිඑඩියුකේෂන් ආයතනයට (Sakya Academy of Higher Education) රුපියල් එක්කෝටි හැට පන් ලක්ෂයක් ගෙවන්නැයි පසුගිය 21 වැනිදා නුගේගොඩ දිසා විනිසුරු කල්හාරි කේ. ලියනගේ මහත්මිය නියෝග කළාය.

සක්‍යා ආයතනයට පානදුරේ පිහිටි අදාළ ගොඩනැගිල්ල කුලී පදනම මත ලබාදී තිබූ එහි හිමිකාරත්වය දරණ නාවල පිහිටි දිල් හෝල්ඩිං පුද්ගලික සමාගම විසින් පැවරූ බදු දී ඇති දේපල ආපසු ලබා ගැනීමේ නඩුව විභාග කිරීමෙන් පසුව විනිසුරුවරිය මේ තීන්දුව ලබාදුන්න‌ේය.

සක්‍යා ඇකඩමි හයිඑඩියුකේෂන් ආයතනයේ (Sakya Academy of Higher Education) සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ප්‍රවීන ටියුෂන් ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයකු වන බණ්ඩාර දිසානායක මහතාය.

විත්තිකාර අධ්‍යාපන ආයතනයේ විරෝධතා ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරුවරිය බදු ගිවිසුම් කාලය 2023 මාර්තු 31 වැනි දිනෙන් අවසන් වී ඇති බවත්, එසේ නීතිවිරෝධීව මාස හයකට අධික කාලයක් රැඳී සිටීම වෙනුවෙන් රුපියල් ලක්ෂ අනූ දෙකක බදු මුදලක් ගෙවන ලෙස සිය නියෝගයේ සඳහන් කර ඇත.

එම බදු මුදලට අමතරව රුපියල් ලක්ෂ 72ක ඇප මුදලක් ද අධිකරණයේ තැන්පත් කරන ලෙස දිසා විනිසුරුවරිය විත්තිකාර අධ්‍යාපන ආයතනයට නියෝග කර ඇත.

එසේම ඇපය දින 14ක් ඇතුළත තබන ලෙසද විත්තිකාර පාර්ශවයට විනිසුරුවරිය නිය‌ෝග කළාය.

2023 ජනවාරි මස 17 වැනි දින පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇති බදු සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ප්‍රකාරව නඩු කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට පෙන්වා දී ඇති දිසා විනිසුරුවරිය මෙම හිඟ බදු මුදල් හා ඇපය ගෙවන ලෙසට විත්තිකාර ආයතනයට වැඩිදුරටත් නියෝග කර ඇත. 

-srilankamirror








gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka