එක වළියක අවසන් වාර්තාව එයි! ඩයනාට-සුජිත් සංජයට-රෝහණ බණ්ඩාරට දෙන්න යන දඬුවම මෙන්න!
පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුවූ තවත් ගැටුමක් පිළිබඳවද මේ වන විට අවසන් වාර්තාව සකස් වී ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ සජබ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර අතර සිදුවූවා යැයි කියන ගැටුම සම්බන්ධයෙන්ය. මේ වන විට දැනගන්නට ඇති ආරංචිවලින් කියැවෙන්නේ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව විසින් අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාටම දඬුවම් ලබාදිය යුතු බවට නිර්දේශ කර ඇති බවය. බොහෝ දුරට එම දඬුවමට අනුව අඩුවැඩි වශයෙන් තුන්දෙනාටම මාස කිහිපයක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට නියමිතව ඇති බව දැනගන්නට ඇත.
මේ අතර ඩයනා මන්ත්‍රීවරිය විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පැනවූ තවත් නඩුවක තීන්දුවක් පසුගිය සිකුරාදා දිනයේදී ප්‍රකාශයට පත්කරනු ලැබීය. ඩයනා ගමගේ විසින් මෙම නඩුව පවරනු ලැබ තිබුණේ සජබ නායක සජිත්ට සහ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරට එම තනතුරුවල රාජකාරි කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින්ය. නමුත් පසුගිය සිකුරාදා දිනයේදී එහි තීන්දුව ලබාදුන් දිසා විනිසුරුවරයා ඩයනාගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබිණි.
රාජ්‍ය රහස්
එක වළියක අවසන් වාර්තාව එයි! ඩයනාට-සුජිත් සංජයට-රෝහණ බණ්ඩාරට දෙන්න යන දඬුවම මෙන්න!
2023-11-27T00:01:00+05:30
Gossip Lanka Hot News






