gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ධර්මසේනට නඩු... ලෝක කුසලානය මැද විත්ති කූඩුවට... නොතීසි නිකුත් කෙරේ!

ජාත්‍යන්තර ක්‍රිකට් තරග විනිසුරුවකු හා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන කුමාර ධර්මසේන මහතා ඇතුළු තවත් 12 දෙනෙකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව එළඹෙන 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට නියෝග කර ඇත.

අයුතු ලෙස නිවෙසකට ඇතුලු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බලමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ධර්මසේන මහතා ඇතුළු ඔහුට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂ මණ්ඩලයේ 12 දෙනකුට මෙසේ නොතීසි නිකුත් කර ඇත.

කුමාර ධර්මසේන මහතා ඉන්දියාවේ දී පැවැත්වෙන ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ප්‍රධාන විනිසුරුවරයෙක් ලෙසද කටයුතු කරමින් සිටී.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka