gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

උද්දිකට වෙඩි තැබූ වෙඩික්කරු ගැන හෝඩුවාවක් නෑ… ගෙදර CCTV අක්‍රීය යි… අසල්වැසි නිවසේත් CCTV වැඩ නෑ!

වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතය ගලවා ගත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසේ  සහ අසල්වැසි නිවසක ආරක්ෂක කැමරා සවි කොට ඇතත් ඒවා කලක සිට අක්‍රීයව පැවැතී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මේ අතර මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය අසලට පැමිණ ඇති වෙඩික්කරු ඊට මීටර් කීපයක් ආසන්නයේ සිට මෝටර් රථයට වෙඩි ප්‍රහාර තුනක් පමණ  එල්ල කොට  ඇත.  ඉන් ජීව උණ්ඩ  එකක් ඔහුගේ වාහනයේ නොවැදී බිම පතිතවී තිබේ.
 
අනිකුත් වෙඩි ප්‍රහාර දෙකම මන්ත්‍රීවරයාගේ මෝටර් රථයේ පසුපස අසුනේ  දකුණු පස ජනෙල් වීදුරුවට වැදී ඊට අලාභහානි සිදුවී තිබේ.

ඉන්ද එක උණ්ඩයක් මෝටර් රථයේ දකුණු පස අසුනේ ජනෙල් වීදුරුව පසාරු කර ගෙන වම්පස ජනෙල් වීදුරුවද පසාරු කර ගෙන ගොස් ඇති බව විමර්ශන සිදු කළ අනුරාධපුර පොලීසිය පවසයි.

මේ අතර උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අතර අප්‍රසාදයකට ලක් නොවූ දේශපාලඥයෙකු බවටද මින් පෙර රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.

මේ වනවිට පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම  වෙඩිතැබීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

අනුරාධපුර –  පර්සි කුරුනේරු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka