gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තිලීපන් සමරුවට ප්‍රහාරයක්… ජාතික කොඩිය සහිත මුගුරකින් ගජේන්ද්‍ර කුමාර්ටත් පහර දෙයි… පහර දී රථයක වීදුරු කුඩු කරන අයුරු වීඩියෝවක!

තිලීපන් ගේ 36වන සැමරුමට සමගාමීව ත්‍යාගදීපන් තිලීපන්  සිහි කරමින් නැගෙනහිර සිට උතුර බලා ගමන් ගත් සැමරුම් රථයට සහ තවත් වාහන කිහිපයකට ත්‍රීකුණාමලයේ, සර්ධාපුර මංසන්දියේදී මග හරස් කළ පිරිසක් මැර ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස් ජාතික කොඩි අත දරා සිටිනු දක්නට ලැබිණි. මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන්  ද මේ  මැර කණ්ඩායම ප්‍රහාරයක් එල්ල කළේය. ඔහුටත පහර දෙන බව පෙනුනේ ජාතික කොඩි සහිත පොළු වලිනි.

ත්‍රිකුණාමලය, චීනවරාය දෙසට හැරෙන ධම්මරතන පිරිවෙන් මංසන්ධියේ දී     මෙම පිරිස ප්‍රහාරය එල්ල කර කර ඇත්තේ සැලසුම් සහගතවය. තිලීපන් සමරු පෙරහර ආරම්භ කරන විට මෙම ස්ථානයෙන් ගල් දමා මාර්ගය හරස් කර තිබිණි.  ඒ බව දැන දැනත් මේ පිරිස සිද්ධියක් ඇති නොවන සේ වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබිණි.  කෙසේ වෙතත් සිංහල තරුණයින් පිරිසක්ම මැදිහත් වි මන්ත්‍රීවරයාට පහර දීමට එන පිරිස වළක්වා තිබිණි.

කාන්තාවක් මෙම රථයට ජාතික කොඩිය සහිත පොල්ලකින් පහර දෙන්නේ පොලිසියත් එය නවත්වන්නට මැදිහත් වන අතරය.

සිද්ධිය පහතින් දැක්වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka