ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගයට අතිරේක දිනයක් වෙන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC), ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ ඔහු මෙම අදහස් දැක්වීම සිදු කර ඇති අතර, රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ආසියානු කුසලාන තරගාවලියේ ආරම්භයේදීම එහි අවසන් මහා තරගයට අතිරේක දිනයක් වෙන් කිරීමට පියවර ගෙන තිබුණද, ඉන්දියාව සහ පාකිස්ථානය අතර සුපිරි වටයේ තරගයට අතිරේක දිනයක් පසුව යොදා ගැනීම ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ කණ්ඩායම්වල පුහුණුකරුවන්ට ද ප්‍රශ්නයක් වූ බවය.
'බලවත් ක්‍රිකට් ආයතන හා පාලක මණ්ඩල ඉදිරියේ අයිසීසීය හා ආසියානු ක්‍රිකට් කවුන්සිලය දත් හැලිච්ච කොටියෙක් ගාණට වැටිලයි ඉන්නේ. ඔවුන් හැසිරෙන්නේ වෘත්තීය මට්ටමේ පුද්ගලයන් විදිහට නෙවෙයි. ඔවුන් තමයි ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කළ යුත්තේ. ක්‍රිකට් පාලනය කරන්න ඕන අයිසීසීය මිසක් වෙන රටක් නෙවෙයි. ආසියානු කුසලාන තරගාවලියේ නීතිරීති තියෙනවා. ඒත් අන්තිමට එක තරගයක් වෙනුවෙන් නීති වෙනස් කරනවා' අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළ බව ඉන්ඩියා ටුඩේ සහ ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවා වාර්තා කරනවා.
'ලෝක කුසලාන තරගාවලියේදිත් ඉන්දීය-පාකිස්ථාන තරගයට වෙනම නීතිරීති දැමුවොත් ඒ ගැන මම පුදුම වෙන්නේ නෑ. මේක අන්තිම නරකයි. ඉන්දියාව ඉතා බලවත්. ඒ ගැන කිසිම සැකයක් නෑ. මම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගැනත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලය ගැනත් කනගාටු වෙනවා. එයාලාට ඕන කරන්නේ තනතුරු දැරීම විතරයි. හිටපු ක්‍රීඩකයන් පවා මේ ගැන විවේචනය කරන්නේ නැත්තේ ඔවුන්ටත් මුදල්වල අවශ්‍යතාව නිසයි' ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.