gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනාගේ කංසා සිහිනය සැබෑ වෙයි! ආයෝජකයෝ පෝලිමේ – කංසා වලින් ඩොලර් හොයන්නේ මෙහෙමයි (VIDEO)

මෙරට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි වාණිජ වටිනාකමකින් යුත් කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවා.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

රට තුළ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීමට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය සහ ආයුර්වේද ක්‍රමය තුළ නව ප්‍රවණතා රැසක් සිදු කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙසේ ද පැවසුවා.

මෙම යුගය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ පුනර්ජීවන යුගයක් ලෙස හඳුන්වා දිය හැකියි. ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් පසුගිය කාලයේ අප පුළුල් වැඩකොටසක් ඉටු කළා.

අපේ ර‍ටේ දේශීය වෛද්‍ය සේවාව ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලෙස දීර්ඝ කාලයක් පැවතුණා. ඉන් ඔබ්බට ගොස් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විදේශ විනිමය උත්පාදනය කළ හැකි කර්මාන්තයක් ලෙස වාණිජ වටිනාකමක් සහිතව සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් එළැඹෙන සැප්තැම්බර් 08,09 සහ 10 දිනවල දේශීය වෛද්‍ය අධ්‍යාපන හා වෙළෙඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් හා සමුළුවක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයට විවිධ රටවල නියෝජිතයන් සහභාගී වෙනවා. අපේ රටේ ආයුර්වේද නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය වෙළෙඳපොළ සොයා බැලීම සහ ඒ පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් ද මෙහිදී සිදු කිරීමට අපේක්ෂිතයි.

එසේම සතිමත් බව තුළින් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පාසල් කේන්ද්‍රකරගත් වැඩසටහනක් අද ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කරනු ලැබුවා. මෙරට ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් 2500කට ආසන්න පිරිසක් සිටිනවා. ඔවුන්ගේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.

1961 දී ඇතිකළ ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා .ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියමයන්ට යටත්ව ආයුර්වේද පනතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

මෙරට අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට හා විදේශ විනිමය උත්පාදනයට අවශ්‍ය ඖෂධීය ශාඛ වගා කිරීම පිළිබඳ වූ වගන්තිවලට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලැබී තිබෙනවා. ඒ වගේම ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළ කාර්යක්ෂමතාවක් ඇති කර ගැනීම සඳහා එහි සංවිධාන ව්‍යුහයේ වෙනස්කම් රැසක් අප සංශෝධන වශයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා ද ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට අපේක්ෂා කරනවා.

ඒ වගේම අපේ රටේ 25,000කට අධික ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් සිටින අතර ලියාපදිංචි නොවූ විශාල පිරිසක් ද සිටිනවා. පාරම්පරික වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය පිළිබඳ ගැටලු නිරාකරණය කිරීම සඳහා ගමින් ගමට යන වැඩසටහනක් අමාත්‍යාංශය විසින් පසුගියදා ආරම්භ කළා.

ඒ අනුව වයස අවුරුදු 70ට වඩා වැඩි පාරම්පරික වෛද්‍යවරුන්ට විභාගයකින් තොරව ලියාපදිංචි වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන අතර වයස අවුරුදු 45ට වඩා වැඩි ලියාපදංචි නොවූ පාරම්පරික වෛද්‍යවරුන් සඳහා වාචික පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මීට පෙර එම පහසුකම ලැබී තිබුණේ නැහැ. පාරම්පරිකව දැනුම රැගෙන එන බොහෝ වෛද්‍යවරුන්ට ලිඛිත විභාගයක් පිළිබඳ ගැටලු පැණ නැගුණු නිසා, වාචික විභාගයක් මගින් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර අදාළ ලියාපදංචිය සිදු කර ගැනීමට අවශ්‍ය පහසුකම් අප මෙලෙස සපයා තිබෙනවා.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ලෙස අප උත්සාහ කරන්නේ නිරෝගීමත් ජනතාවක් ගොඩනැඟීම මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට පිළියමක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ශක්තිමත් කිරීමටයි.

ආයුර්වේද සංස්ථාව දිර්ඝකාලයක් ගැටලුවලට මුහුණ දුන් ආයතනයක්. එම තත්ත්වය ඉතා මැනවින් කළමනාකරණය කර ගනිමින් අද වන විට ලාභ ලබන තත්ත්වයට සහ ආර්ථික වශයෙන් ඉතා සුබදායක තත්ත්වයකට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන් ආයුර්වේද සංස්ථාව අපනයන ක්ෂේත්‍රයට අවතීරණ වීමත් මේ වන විට සිදුව තිබෙනවා.

ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන සාම්ප්‍රදායික ක්‍රමයන්ගෙන් එහා ගිය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස දේශීය වෛද්‍ය ක්‍රමයේ දායකත්වය සංචාරක හෝටල්වලට ලබාදීම සඳහා ද නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. ඉතා හොදින් පුහුණු කළ සහතික ලත් තෙරපිවරුන් බිහි කරමින් එම වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ඇදහිය නොහැකි විදේශ විනිමයක් උත්පාදනය කළ හැකි ක්ෂේත්‍රයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ හැකියාවක් තිබෙනවා. අද ලෝකය පුරාම ශාඛ සාර නිෂ්පාදනවලට ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙනවා. ඒ වගේම රූපලාවණ්‍ය ක්ෂේත්‍රය අද බිලියන ගණනක් සැරිසරන ක්ෂේත්‍රයක්. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය තුළ දේශීය වෛද්‍ය ක්‍රමයට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා.

ඒ වගේම විවිධ රෝගාබාධ සඳහා ශාඛසාර මත පදනම් වූ ඖෂධවලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මේ සියල්ල සමඟම අපේ සංස්කෘතිය සමඟ දීර්ඝ කාලයක් පුරා පෝෂණය වූ දැනුම් පද්ධතියක් අපට තිබෙනවා. එසේම එම දැනුම සමඟ මුසු මූ නව පර්යේෂණ මත තහවුරු කළ ආයුර්වේද ක්‍රමවේද තිබෙනවා. මේ සියල්ල ඒකාබද්ධ කර ගනිමින් අපේ රට ගොඩනැඟීමට දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයෙන් හැකියාව ලැබෙන බව අප විශ්වාස කරනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka