gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොස්පේට් බලන්න ගිය පරිසරවේදීන්ට “හූ” සංග්‍රහයක් – පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම් ගේට්ටු වැසෙයි (VIDEO)

එප්පාවල ලංකා පොස්පේට් ආයතනය නිරීක්ෂණය සඳහා ක්ෂේත්‍ර චාරිකාවක් ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානය මගින් සංවිධානය කර තිබුණා.

එම අවස්ථාවට ජාතික ජනබලවේගයේ පරිසරවේදී සංවිධානයේ අශෝක රන්වල මහතා ඇතුළු ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, පරිසරවේදීන් සමග ගොවි සංවිධාන වල සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ද සහභාගී වී සිටියා.

ඊයේ පෙරවරුවේ එම ස්ථානයට පැමිණි පරිසරවේදීන්ට එම පරිශ්‍රය තුළට ඇතුළු වීම සඳහා අවස්ථාව ලබාදීමට නොහැකි බව එම ආයතනයේ ආරක්ෂක නිලධාරීන් පවසා සිටියා.

ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොස්පේට් ආයතන පරිශ්‍රය තුලට ඇතුළුවීම සඳහා අවශ්‍ය නීතියානුකූලව අවසර පත්‍රයක් නොමැතිව ඇතුල් වීම සඳහා ඉඩ ලබාදිය නොහැකි බවයි.

අනතුරුව ආරක්ෂක නිලධාරීන් සමඟ සාකච්ඡා කළ පරිසරවේදී අශෝක රන්වල මහතා ආයතනයේ කළමනාකාරීත්වයෙන් අවසරයක් ලබා දීම සඳහා ලිඛිතව ඉල්ලීමක්ද සිදුකළා.

 කළමනාකාරීත්වයෙන් ඒ සදහාත් අවසරයක් ලබාදීමට කටයුතු නොකල අතර,එම ස්ථානයට එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළුව පොලිස් කණ්ඩායමක්ද පැමිණියා.

එහිදී ස්ථානාධිපතිවරයා සමඟ සාකච්ඡා කළ පරිසරවේදීන් කණ්ඩායම ඔහු වෙත පවසා සිටියේ ආයතන පරිශ්‍රය කිසිදු හානියක් සිදු නොකරන බවත් ඔවුන්ට පොස්පේට් නිධිය සම්බන්ධව නිරීක්ෂණය කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙසයි.

පසුව පොලිස් ස්ථානාධිපතිවරයා ආයතනයේ කළමනාකාරීත්වය සමඟ සාකච්ඡා කර අවස්ථාවක් ලබාදීමට උත්සහ කරන බවට පවසා එම ස්ථානයෙන් ආයතන පරිශ්‍රය තුළට ගොස් සාකච්ඡාකර නැවතත් පැමිණ කියා සිටියේ, අමාත්‍යංශයෙන් ලබාදෙන අවසරයක් මගින් පැමිණි පිරිසට තම ආයතන පරිශ්‍රයට ඇතුළු වනලෙස කළමනාකාරිත්වයෙන් තමන්ට දැනුම් දුන් බවයි.

පසුව පැමිණි පිරිස එම ස්ථානයෙන් පිටත්ව යාමට සූදානම් වනවාත් සමගම එම ස්ථානයට පැමිණි පොස්පේට් ආයතනයේ සේවකයන් පිරිසක් පැමිණ සිටි පරිසරවේදී කණ්ඩායමට තම විරෝධය සහ අප්‍රසාදය පලකරමින් සිටි අතර එප්පාවල පොලිස් නිලධාරීන් සහ ආයතනයේ ආරක්ෂක නිලධාරීන් එක්ව එම ස්ථානයෙන් විරෝධය පළ කරමින් සිටි ආයතනයේ සේවකයින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළා.

පසුව පරිසරවේදීන් කණ්ඩායම එප්පාවල පොස්පේට් නිධියේ තවත් කොටසක් කැණීම් සිදුකරමින් තිබෙන ස්ථානයක් නිරීක්ෂණය කර එම ස්ථානයේදී ඔවුන්ගේ අදහස් පළකර සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka