පදවිය මූලික රෝහලේ ලයිට් කපලා! රෝහල් කටයුතු මුළුමනින්ම අඩාළයි! බොන්න වතුර පොදක් නෑ! කාර්යමණ්ඩලයත් අසරණ වෙලා!
පදවිය මූලික රෝහලේ විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කර ඇතැයි වාර්තාවේ.
මෙසේ විදුලිය විසන්ධි කර ඇත්තේ රුපියල් 74,000ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් යැයි ද පැවසේ.
විදුලිය නොමැති වීම හේතුවෙන් රෝගී සත්කාරක සේවා මුළුමනින්ම ඇනහිට තිබේ. ඖෂධ රැස් කර ඇති ශීතකරණ ක්‍රියා විරහිත වී රොහලේ සියලු මූලික අවශ්‍යතා බිඳ වැටී ඇති බවත්, බීමට දිය පොදක් නැතිව තමන් අරසණ වී සිටින බවත් රෝහල් කාර්ය මණ්ඩලය පවසා තිබේ.

පානීය ජල පෙරනයෙන් ජලය මුදාහැරීමට නොහැකි වීම නිසා බාහිර මෙන්ම නේවාසික රෝගීන්ද, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයද දැඩි අපහසුවකට පත්ව ඇත.
දිනකට පානීය ජලය ලීටර් 800ත් 1000ත් අතර ප්‍රමාණයක් බෙදාහරිනු ලබන බවත්, විදුලිය නොමැති වීමෙන් එම කටයුතු මුළුමනින්ම නතර වී ඇති බවත් පැවසේ.
පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ලැබීමෙන් පසු විදුලිබල මණ්ඩලයට ගෙවන නමුත්, පදවිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ විදුලි බිල ගෙවීමට තම කාර්යාලයට මුදල් ලැබී නොමැති බවය.
lankasara
පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ලැබීමෙන් පසු විදුලිබල මණ්ඩලයට ගෙවන නමුත්, පදවිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ විදුලි බිල ගෙවීමට තම කාර්යාලයට මුදල් ලැබී නොමැති බවය.
lankasara
පදවිය මූලික රෝහලේ ලයිට් කපලා! රෝහල් කටයුතු මුළුමනින්ම අඩාළයි! බොන්න වතුර පොදක් නෑ! කාර්යමණ්ඩලයත් අසරණ වෙලා!
2023-07-18T19:43:00+05:30
Lanka Hot News