ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට තීරණයක්!
රට පුරා ඇති ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ඒ අනුව ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බවයි.
තවද ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැන ද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ ඒ අනුව ආගමික ස්ථාන ඉදිරියේදී ලියාපදිංචි කරන බවයි.
තවද ඉදිරියේදී ග්‍රාම නිලධාරී වසමක තිබිය හැකි ආගමික ස්ථාන ගැන ද නිර්ණායක සකස් කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මහානායක ස්වාමින් වහන්සේගේ හා අනෙකුත් ආගමික නායකයින්ගේ අවසර ඇතුව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ආගමික ස්ථානවලට හිමි වත්කම් සහ දේපොළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට තීරණයක්!
2023-07-18T20:19:00+05:30
Lanka Hot News