gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිහින්තලේ නායක හිමිගේ වීඩියෝ පටයක් මුදා හැරීමේ සිද්ධිය - රුපියල් කෝටියක් කප්පම් ඉල්ලලා, නායක හිමිගෙන් පොලිසියට පැමිණිලි!

පසුගිය දිනවල දැඩි ආන්දෝලනාත්මක පුවත් මැවූ මිහින්තලේ රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගෙන් රුපියල් කෝටියක මුදලක් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්ථාන පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පහුගිය පලවෙනිදා වට්ස්ඇප් ඔස්සේ ඇමතුමක් ලබා ගත් පුද්ගලයකු විහාරාධිපති හිමියන්ගේ වීඩියෝ පටයක් හා හඬපටයක් තමා සතුව ඇති බවත් එය මුහුණු පොත මගින් ප්‍රසිද්ධ කිරීමෙන් වැලකී සිටීමට නම් රුපියල් කෝටියක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව සඳහන් කරමින් විහාරාධිපති හිමියන් පැමිණිල්ලක් කළ බවයි වාර්තා වන්නේ.

විහාරාධිපති හිමියන්ගේ යැයි පැවසෙන හඬ පටයක් හා වීඩියෝ පටයක් අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන අයකුගේ නමින් ඇති මුහුණු පොතේ පළ කර පසුගිය දෙවැනි දා ඒවා ඉවත් කර ගෙන ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය කියයි.

කාන්තාවකගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොතේ මෙම හඬ පටය හා වීඩියෝව මේ වන විට පළ කර ඇති බව ද විහාරාධිපති හිමියන් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිස්ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

එම කාන්තාවගේ නම ද විහාරාධිපති හිමියන් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

හෝටලයක් පවත්වාගෙන යන පුද්ගලයා සහ මෙම කාන්තාව ගැන ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka