gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

“අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ අලුත් නීති පාර්ලිමේන්තුවට!

නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති “අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීති හඳුන්වාදීමේ පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අමාත්‍යමණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

මේ පනත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳව එහි නීති ඇළත් වේ.

මීට පෙර  “අධිකරණයකට අපහාස කිරීම” වරද පිළිබඳව පැහැදිලි සහ නිශ්චිත විධිවිධාන සහ අවස්ථානුගත තත්ත්ව, විත්තිවාචක සහ දඬුවම් ලිහිල් කිරීම සහ දඬුවම් ලිහිල් කිරීමේදී අනුගමනය කළ යුතු පටිපාටිය ඇතුළත් “අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීති හඳුන්වා දීම සඳහා 2022 06 27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka