gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චංවාවලට උදවු කරන්නැයි දේශපාලක බලපෑම්... තිස්සමහාරාම ප‍්‍රාදේශීය ලේකම් ධුරයෙන් අස්වෙයි!

රජයේ ප්‍රබල නිලධාරියකුගෙන් සහ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන්ගෙන් රාජකාරියට එල්ලවන බලපෑම් නිසා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුර අතහැර මාරුවක් ලබා යෑමට තීරණය කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මිය පැවැසුවාය.

මීට වසර එක හමාරකට පමණ පෙර තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය සිය කටයුතු කිරීමේ දී නීතියෙන් පිට හිතවත්කම් මත රාජකාරිය පාවා නොදුන් නිලධාරිනියක බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු පවසති.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ එවකට පැවැති රජයට එරෙහිව ගෙන ගිය අරගලයේ දී නාඳුනන පිරිස් විසින් ගිනි තබන ලද එම ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ නිවෙස්වලට වූ හානි සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් නොකිරීම, දේශපාලන හිතවතුන්ට රජයේ ඉඩම් ලබා නොදීම සහ ඒවා අත්පත් කර ගැනීමට අවස්ථාව නොදීම හේතුවෙන් ප්‍රදේශයේ දේශපාලන අධිකාරියේ ප්‍රබලයන් ප්‍රාදේශීය ලේකම්වරිය සමග විරසකවී ඇතැයි දැනගන්නට ඇත.

තමාට ලබාදුන් නිල රථය අව්වේ නවතා තැබී යැයි කියමින් දිසාපතිවරයා තමාගෙන් කිහිපවිටක්ම වාර්තා කැ‌ඳවූ බවත් අරගලකරුවන් ගිනි තැබූ දේශපාලකයන්ගේ නිවාසවලට පූර්ණ හානි වාර්තා නොකිරීම සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය දේශපාලනඥයන් අනවසරයෙන් අල්ලා ගත් ඉඩම්වලට බලපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධයෙන් ද දිසාපතිවරයා කිහිපවතාවක්ම වාර්තා කැ‌ඳවූ බවත් ප්‍රාදේශීය ලේකම්වරිය පැවැසුවාය.

තමා නිවෙසට යන එන සෑම අවස්ථාවකදීම විවිධ පුද්ගලයන් යොදවා තමාට විවිධ බලපෑම් කළ බවත් දරුවන්ගේ සහ තමාගේ ජීවිතවලට තර්ජනයක් වූ නිසා ප්‍රාදේශීය ලේකම් තනතුරින් යන බවත් ඇය කීවාය.

මේ අතර 2021 අගෝස්තු 11 වැනිදා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගත් චන්දිමා මනම්පේරි මහත්මිය ඉන්ධන හිඟයක් පැවැති සමයේ ප්‍රදේශයට ලැබුණු ඉන්ධන තොග තම පෞද්ගලික මැදිහත්වීම මත ගැටලු ඇති නොවන සේ බෙදා හැරීමට කටයුතු කළ බවද ප්‍රදේශවාසීහු පවසති.

ඉතා දක්ෂ රාජ්‍ය නිලධාරිනියක වන චන්දිමා මනම්පේරි මහත්මිය ප්‍රාදේශීය ලේකම් ධුරයෙන් ඉවත්ව ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පවතින ග්‍රාමීය නායකයන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය ලෙස මාරුවක් ලබා (3) පිටත්ව ගියාය.

මේ අතර කිරිඳිඔය ඒකාබද්ධ ගොවි සංවිධානය, ප්‍රාදේශීය ලේකම්වරියගේ හදිසි මාරුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ජනතාවගේ ගැටලු විසඳීමට දිවා රෑ නොබලා කටයුතු කළ ඇය අතිදක්ෂ නිලධාරිනයක බව ජනාධිපිවරයාට යැවූ ලිපියේ සඳහන් වේ.

නිලධාරිනියකට එහා ගිය ගෞරවනීය සේවයක් ඉටු කළ මෙම ප්‍රාදේශීය ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ අය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද ඇය නැවත එම තනතුරේම පිහිටුවීමට කටයුතු කරන්නැයි ද එම ලිපිය මගින් ඉල්ලා ඇත.

මේ අතර ඇය ප්‍රාදේශීය ලේකම් තනතුරේ වැඩ බාරගැනීමට පෙර සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා රැසක් ඇය සේවය කළ වසර එක හමාරක කාලයේ දී නිවැරැදි කළ බව ද ප්‍රදේශවාසීහු කියති.

– Lankadeepa


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka