gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් ජනාධිපතිතුමා පරීක්ෂණයක් කරනවලු! හේතු හොයන්න එපා! හොඳ රටක් හදාගන්නේ කොහොමද කියලා හොයලා බලන්න - අජාන් හිමිගෙන් ජනාධිපතිතුමාට පණිවුඩයක් (VIDEO)

අග්‍රාමාත්‍යවරයාගේ නිල සංචාරයක් හේතුවෙන් පූජ්‍ය අජාන් බ්‍රහ්ම හිමියන්ගේ විදෙස් ගමනට කටුනායක ගුවන්තොටුපොලේදී අවහිරතා සිදුවූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගම පවසයි.

එහි සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.

මෙරටට වැඩම කර සිටි ලෝක ප්‍රකට විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් වන බ්‍රිතාන්‍ය ජාතික අජාන් බ්‍රහ්ම හිමියන් මැයි 31 වනදා යළි මෙරටින් වැඩම කරන අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී පැය කිහිපයක ප්‍රමාදයකට ලක්වී අපහසුතාවට පත්වූ බවට මාධ්‍ය වාර්තා පළ වුණි.

ගුවන්තොටුපොල බලධාරීන් ඊයේ ප්‍රකාශ කළේ, අග්‍රාමාත්‍යවරයා සහ මෙරට නායක ස්වාමීන් වහන්සේ කිහිපනමක් ඇතුළු පිරිසක් විදෙස්ගතවීමට පැමිණි එම අවස්ථාවේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ කාර්යබහුල වාතාවරණයක් පැවති බවය.

මේ නිසා ඇතිවූ ප්‍රමාදය හමුවේ උන්වහන්සේ ගමන්ගැනීමට නියමිතව සිටි සිංගප්පූරු යානයට නංවාගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ නිසා ගුවන් තොටුපොළ සේවා කාර්යමණ්ඩලයේ මැදිහත්වීමෙන් උන්වහන්සේට ඔස්ට්‍රේලියාවට ගමන්ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් කඩිනමින් පහසුකම් සලසා දුන් අතර උන්වහන්සේ ඔස්ට්‍රේලියාවේ දේශනයක් අතරතුර පැවසුවේ එවන් තත්ත්වයක් යළි ඇති නොවන පරිසරයක් ශ්‍රී ලංකාව නිර්මාණය කළ යුතු බවය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka