gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අන්තරේ හෙට කොළඹට! ජවිපෙත් විරෝධයකට සූදානම්!

ජාතික ජන බලවේගය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය රජයට විරෝධය පෑම සඳහා මේ සතියේ කොළඹට පැමිණීමට නියමිතයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය හෙට (07) කොළඹට පැමිණීමට නියමිතව ඇති අතර පළාත් පාලන ඡන්දය පැවැත්වීම කල් දැමීමට විරෝධය පළ කරමින් ලබන 8 වනදා ජාතික ජන බලවේගය ද මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටට පැමිණීමට නියමිතයි.

ජීවන බරට අනුව මහපොළ ශිෂ්‍යාධාර මුදල ඉහළ දැමීම, ප්‍රමාද කළ මහපොළ ශිෂ්‍යාධාර වාරික ලබා දීම, මාස පහක් තිස්සේ සිරගත කොට සිටින කැලුම් මුදන්නායක, දිල්ෂාන් හර්ෂණ යන ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනා නිදහස් කිරීම, අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම, ජීවන වියදම් පහළ හෙළීම, ත්‍රස්ත විරෝධී පනත අහෝසි කිරීම හා ප්‍රතිත්‍රස්ත පනත ඉවත දැමීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කොට ගනිමින් අන්තරේ ද සිය විරෝධය පළ කිරීම සඳහා තම පාගමන සංවිධානය කොට තිබෙනවා.

මාස තුනක් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වා ගැනීමට බල කරමින් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයන් විශාල ප්‍රමාණයක් මෙසේ ලබන 8 වනදා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

“ජන මතයට ඉඩ දෙනු! පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු!,” මැයෙන් පවත්වන මෙම උද්ඝෝෂණය ඉදිරියේදී උද්ඝෝෂණ මාලාවක් දක්වා දියත් කිරීමට සූදානම් බව

ඒ අනුව, 8 වන දා පස්වරු 3.00 ට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පවත්වනු ඇති.

එමෙන් ම මෙම මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවයේ ඇතැම් අපේක්ෂකයන්ට මාස පහකට ආසන්න කාලයක් තිස්සේ සිය වැටුප් ලැබී නැති බව වාර්තා වනවා. ඊට එරෙහිව ද මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබෙනවා.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka