gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රභූ ආරක්‍ෂාව ප‍්‍රභූන්ට විතරයි.. නෝනලාට, ලමයින්ට නෑ... ආපසු කැදවයි!

අනවශ්‍ය පුද්ගලයින්ගේ හා ස්ථාන වලට ආරක්ෂාව සදහා යොදවා ඇති පොලිස් නිලධාරීන් එම පුද්ගලයින්ගෙන් හා ස්ථානවලින් ඉවත්කර පොලිස් ස්ථානවලට වහාම අනුයුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

දැනට 5400ක පමණ පොලිස් නිලධාරින් පිරිසක් මෙසේ පුද්ගලයින්ට හා ස්ථාන වල ආරක්ෂාව සදහා යොදවා ඇත.

එසේ ආරක්ෂාව දී ඇති පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව අවශ්‍යදැයි යන්න නියමිත ලෙස සොයා බලා තක්සේරුවක් කරන ලෙසට අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පතිට දැනුම් දී ඇත.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා මෙම දනුම්දීම කර ඇත්තේ පාර්ලිමේන්තුවේ ඉකුත්දා පැවති මහජන ආරක්ෂක කටයුතු පිලිබද අමාත්‍යාශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය.

මේ අතර අනවශ්‍ය පුද්ගලයින්ට හා ස්ථානවලට ආරක්ෂාව සැපයීමට පොලිස් නිලධාරින් විශාල වශයෙන් යෙදවීමෙන් පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ හිගයක් පවතින බව ප්‍රකාශ වී තිබිණි.

– Media unit


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka