gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාධ්‍යයේ රඟන මිහින්තලේ හාමුදුරුවො නළුවෙක්… සල්ලි නෑ කියන මිහින්තලේට බෞද්ධයින්ගෙ අධාර ලැබෙන්නේ කෝටි ගණන්වලින්…

මේ වනවිට මාධ්‍යයේ රඟන ප්‍රධාන නළුවා වී ඇති මිහින්තලේ හාමුරුවන් සල්ලි නැති බව කියමින් හතර අතේ අවිද්දත් මිහින්තලේ  පන්සලට  ලැබෙන අධාර මුදල් ප්‍රමාණය   කෝටි ගණනක බව තමුන් දන්නේ යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පවසති.

උන්වහන්සේ ජනාධිපතිවරයාට  යෝජනා කරන්නේ දානය වේලක් නැති ඈත ගම්බද දුෂ්කර පන්සල් ආරක්ෂා කරගෙන ශාසනය පවත්වා ගැනීම සඳහා මිහින්තලය, අනුරාධපුරය, දළදා මාළිගාව, කතරගම වැනි පූජා භූමිවල ආදායම විගණනය කර බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා යටතට පත් කර ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් නිශ්ඡිත වැඩපිළිවෙළක් දියත් කරන ලෙසය.


ඓතිහාසික කවුඩාගල ආරන්‍ය සේනාසනයෙ චෛත්‍යරාජයන් වහන්සේගේ සංරක්ෂණ කටයුතු සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (01) එක් වෙමින් වනවාසී රාහුල හිමියෝ කීහ.

කවුඩාගල ආරණ්‍ය සේනාසනාධිපති දේවගල පඤ්ඤාසීහ නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා පරිදි මෙම මුල්ගල් තැබීමේ අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහ නැගෙනහිර, පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්,  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ,

එහිදී වැඩිදුරටත් පැමිණ සිටි පිරිස ඇමතූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල නාහිමියන් මෙසේද පැවසූහ,

“මිහින්තලේ හාමුදුරුවෝ එක්ක මගේ පෞද්ගලික අමනාපයක් නෑ. මම එයාට පෞද්ගලික පහර ගහනවා නෙමෙයි. සල්ලි නෑ සල්ලි නෑ කිව්වට කෝටි ගණන් මිහින්තලාවට හම්බෙනවා. අනුරාධපුරයට හම්බෙනවා.  දළදා මාලිගාවට හම්බෙනවා… කතරගමට…  සල්ලි ලැබෙනවා… විදේශිකයෝ ගිහිල්ලා ඩොලර් ගණන් මිටිගණන් ඒවට ලබාදෙන්නේ. “



“හැබැයි මේවගේ පන්සලට රුපියල් දාහක්   තියා සිමෙන්ති  කොට්ටයක් අරං දෙන්න ලොකු ලොකු පන්සල් වල අය ඉදිරිපත් වෙන්නේ නැහැ. “

“ මම වත්මන් ජනාධිපතිතුමාට  යෝජනා කරනවා   මේ පන්සල් වලට ලැබෙන මුදල් විගණනය කරලා බෞද්ධ කටයුතු කොමසාරිස්තුමාට ඒක පවරලා දීලා ඒ සම්බන්ධ කමිටුවක් හදන්න කියලා.  ඒක කරන්න පුළුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි…   මේ ආණ්ඩුවෙත් ඉන්නේ පට්ටපල් තක්කඩි හොරු.   ඒක නිසා මම වර්තමාන ජනාධිපතිවරයාගේ ඉල්ලනවා දේවාලගම් පනත ගෙනෙල්ලා, සංඝාධිකරණය පනත ගෙනෙල්ලා, ඒ වගේම මේ පන්සල්වලට, විහාරස්ථානවලට  ලැබෙන ආදායම් බෞද්ධ කටයුතු කොමසාරිස්ට භාරයට පත් කරලා නිසි විදිහට මේවා කරගෙන යන්න කියලා.

මේක අමාරු කාර්යයක්.  ප්‍රශ්න මතුවෙයි.  මට හිතෙනවා මේක කරන්න පුළුවන් වෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාට පමණයි.

මෙම අවස්ථාවට, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, යුද හමුදාව,  අරගංවිල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ  ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රෙඩී චන්ද්‍රපාල   ඇතුළු,  ප්‍රදේශයේ බෞද්ධ දායක කාරකාදීන් රැසක් එක්ව සිටියහ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka