gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනය පට්ටපල් බොරුවක්! ලක්ෂ 288ක් දීලා නෑ! මිහින්තලේ හාමුදුරුවෝ හදිසි මාධ්‍ය හමුවක!

මෙවර පොසොන් උත්සවයට රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් දුන් බවට  ජනාධිපති මාධ්‍ය අංශය කළ  ප්‍රකාශය පට්ටපල් බොරුවක් යැයි මිහින්තලේ රජ මහා විහාරාධිපති  වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ .

මිහින්තලේ රජ මහා විහාර පරිශ්‍රයේ පිහිටි සාංචි විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නා හිමියෝ මේ බව පැවැසූහ. 

රුපියල් ලක්ෂ 288 ක මුදලක් රජයෙන් ලබා දුන් ආකාරය පිළිබඳව සියලුම මාධ්‍යයන් ඔස්සේ දැනුවත් වුණා.ඔය කියන විදිහට රුපියල් ලක්ෂ 288 ක් ,මිහින්තලේ විහාරස්ථානයට ලැබිලා නෑ. ඒව දුන්නා නං දෙන්න ඇත්තේ ජල සම්පාදන මණ්ඩලය හෝ ආරක්ෂක අංශවලට .

ඒ කිසිවක් පිළිබඳව මම දන්නෙ නෑ. මේක අමූලික බොරුවක් සාවද්‍ය තොරතුරු රටේ ජනතාවට දෙන එක කරන්න එපා කියා ජනාධිපති මාධ්‍ය අංශයෙන් මා ඉල්ලා සිටිනවා.

මම අනුරාධපුර මහා දිසාපතිවරයාට ලබාදුන් රුපියල් ලක්ෂ තිස් එකක මුදලත් ආ පසු ගන්න කියන්නේ . මේ වන විටත් ගාල්ල මාතර හම්බන්තොට වැනි ප්‍රදේශවලින් රථ පෙළපාලිවලින් මිහින්තලේ පොසොන් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා දානපතියන් ගෙන් මුදල් එකතු කරමින් පැමිණෙනවා .

ඒ විතරක් නෙමෙයි , මිහින්තලා පුදබිමට අක්කර 100 ආසන්න භූමි භාගයක් තියෙනවා.එය විදුලියෙන් ආලෝකමත් කළ යුතුයි .මේ දුෂ්කර කාරිය කිරීම සඳහා මම පිණ්ඩපාතේ වැඩියා . දිවයිනේ නන්දෙසින් අති විශාල ජනතාවක් මේ සඳහා ආධාර උපකාර ලබා දී තිබෙනවා .

එපමණක් නෙවෙයි ,වන්නිල ඇත්තන්ගේ එක් දවසක ආහාරයට සඳහා යන වියදම ඒ ඇත්තෝ ගෙනත් පූජා කළා .

මේ පොසොන් උත්සවය අවශ්‍ය වෙන්නේ ,සිංහල දෙමළ හින්දු කියන සියලුම ජාතීන්ටයි. හැබැයි මේකේ ජනාධිපති කාර්ය සාධක ඉන්න ඇතැම් අම්බැට්ටන්යට හෝ කේවටිටයන්ට මේක සුළු දෙයක්. මම කියනවා ; ආයුබෝවන්ට ඔබලා මෙි රටේ මිනිස්සු රවට්ටන්න එපා .

රටේ මිනිස්සු සැබෑ තත්වය දන්නවා. මම පුළුවන්නං අභියෝග කරනවා . මේ දාල තියන සියලුම විදුලි බුබුළු මම ගලවන්නම්. පුළුවන් නම් රජයේ මුදලින් මෙහි විදුලි බුබුළු නැවත එල්ලන්න .විදුලි ජනක යන්ත්‍රයක් ද රැගෙන එන්න .


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka