gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද ඉඳන් දොස්තරවරු-ඉංජිනේරුවො-නීතීඥවරු-ගණකාධිකාරීවරු-බැංකු නිලධාරීන්-වාස්තු විද්‍යාඥයන් ඇතුලු සියලු වෘත්තිකයන්ට ටැක්ස් ෆයිල් එක අනිවාර්යයි! රනිල් ගැසට් එක ගහයි!

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 මැයි 31 දාතමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

මෙම නව අති විශේෂ ගැසට් පත්‍රයට අනුව අද (ජූනි 01) දින සිට වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යනාදීන් අයත්වන වෘත්තීය ආයතනවල සාමාජිකත්වය දරනු ලබන සියල්ලන්, දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබේ.


2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තියේ 3 වන ඡේදයට අනුව, “අමාත්‍යවරයා විසින්, කොමසාරිස් ජනරාල්වරයාගේ කැමැත්ත ඇතිව, මේ වගන්තිය යටතේ ලියාපදිංචි වීම සඳහා අතිරේක තැනැත්තන් පන්ති නිශ්චිතව සඳහන් කරනු ලැබිය හැකි ය”, යන වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස නව එකතු කිරීම් සිදුකර ඇත.

ඒ අනුව,

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඔ්නෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඔ්නෑම අයෙකු
ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඔ්නෑම අයෙකු
මෙලෙස ‌දේශීය ආදායම් කොමසාරිස්වවරයා වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වනු ඇත.

මීට අමතරව, ඉහත කාණ්ඩ යටතට නොගැනෙන නමුත්,

2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ
2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන්
මෙම නව විධිවිධානයට යටත් වනු ඇත.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka