gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටු මන්ත‍්‍රීන් 25ක් ටෙලිපෝනයට!

සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු පමණ සාකච්ඡා පවත්වමින් සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.

මේ වන විටත් එම පිරිස සමගි ජන බලවේගයේ ප්‍රධාන නියෝජිතයන් සමඟ සාකච්ඡාවන්හි නිරත වෙමින් සිටින බවද මන්ත්‍රීවරයා පැවසීය.

පොදුජන පෙරමුණෙන් ඉවත්ව දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන වී සිටින මන්ත්‍රී කණ්ඩායම් සමග ද සමගි ජන බලවේගය කටයුතු කිරීමට එකඟතාවට පැමිණ ඇති බවද ඔහු සඳහන් කරයි.

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම ද ඒ සඳහා සක්‍රිය ලෙස කටයුතු කරන බවත් ඉදිරියේදී තවත් කණ්ඩායම් කිහිපයක් සමගි ජන බලවේගය සමග එක්වනු ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka