gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැති සබේ සුපිරි සැප ගන්න ලොක්කා ගැන දැනුම්දීමක්!

විශ්‍රාම ගිය උසස් නිලධාරියකු පාර්ලිමේන්තුවේ විශේෂිත කමිටුවක ඉහළ නිලයකට පත්වි වැටුප් දෙකක් සහ වරප්‍රසාද ලබාගැනීම සම්බන්ධව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශයක් සිදුකරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සදහන් කළේ, විශ්‍රාම ගිය උසස් නිලධාරියකුට හෝ වෙනත් කුමන නිලධාරියකුට වැටුප් දෙක තුනක් ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බවයි.

එවැනි කටයුත්තකට පාර්ලිමේන්තු කාර්යමණ්ඩල උපදේශක කමිටුවේ අනුමැතිය අවශ්‍ය බවත් එම උපදේශක කමිටුවේ මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් සමාජිකත්වය දරන්නේ තමන් බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

පාර්ලිමේන්තුවේ විශ්‍රාම යන වයස් සීමාව වැඩි කිරීමට ඉල්ලීමි තිබුණද ඒ සදහා කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බැවින් කවුරුත් කලබල නොවිය යුතු බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් සදහන් කළේ,

“රටේ සමස්ත නීති හැමකෙනාටම වැදගත් නිසා ඒ අවස්ථාවේ ඒ ඉඩ අපි දුන්නේ නැහැ. ඒ නිසා මම ඉතාම වගකීමෙන් යමක් කියන්න කැමතියි. මුදල් අමාත්‍යාංශ නිරීක්ෂණ යටතේ අපි මේ වගේ වෙලාවක එක් පුද්ගලයකුට, එක් තැනැත්තකුට හෝ එක් නිලධාරියකුට වැටුප් දෙකක්, තනතුර දෙකක වරප්‍රසාද ලබාගන්න දායක වෙන්නේ නැහැ.”


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka