gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුවේ ඇමතිවරුන්ගෙන් පොහොට්ටුවට කැපිල්ලක්! පොහොට්ටුවේ ඇතුළේ අර්බුදය සාගර කෙළින්ම රනිල්ට කියයි

පොහොට්ටුව නියෝජනය කරමින් මැතිසබයට තේරීපත් වී දැනට කැබිනට්ටුවේ සිටින ඇතැම් අමාත්‍යවරුන් පොහොට්ටුව නියෝජනය කරන සංස්ථා හා මණ්ඩල සභාපතිවරුන් ප්‍රමුඛ ආයතන ප්‍රධානීන්ටත් තම වෘත්තිය සමිති නායකයන්ටත් අගතිදායක ලෙස ක්‍රියා කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව වාර්තා වනවා. 
පසුගියදා ආණ්ඩුවේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයා සමඟ පවත්වන ලද විශේෂ හමුවේදී ඔහු මේ බව දැනුම් දී තිබෙනවා.

පොහොට්ටුවේ නාමයෝජනා අනුව ඇතැම් ආයතනවලට පත්කරන ලද ආයතන ප්‍රධානීන් ඉවත් කිරීමට සමහර ඇමැතිවරුන් ක්‍රියා කර ඇතැයි සාගර කාරියවසම් මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

තම වෘත්තිය සමිති නායකයන්ට තාඩන පීඩන කරන පොහොට්ටුවේම අමාත්‍යවරුන් සිටින බවද ඔහු සඳහන් කළා.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා මැදිහත්ව ක්‍රියා කරන ලෙස පොහොට්ටුව මහලේකම්වරයා ඉල්ලා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා තමන් ඊට මැදිහත්ව ක්‍රියා කරන බවත් එබඳු ගැටලු නිරාකරණය කරන බවත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka