ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග කැනඩාවේ හිටපු අගමැතිවරයෙකු වන ස්ටීවන් හාපර් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී පල කළ අදහස් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සහ අද (23) දිනමිණ පුවත්පතේ පිටුවක් පුරා පල කර ඇති අතර පසුගිය ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස පරාජය වීම සහ ගෝටාබය රාජපක්ෂ පලා යාම සම්බන්ධයෙන් යම් අවධාරණාත්මක හුවා දැක්වීම් කර ඇත.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ 40 වෙනි සැසිවාරයට ලණ්ඩන් නුවරදී සහභාගී වන අතර කැනඩාවේ හිටපු අගමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මෙම සාකච්ඡාව පවත්වා ඇති බව රජයේ වෙබ් අඩවිය වාර්තා කර තිබේ. එහිදී කැනඩාවේ හිටපු අගමැති නගා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස සහ ගෝටාබය රාජපක්ෂ දෙදෙනා සම්බන්ධයෙන් පල කළ අදහස් මෙන්ම තමාට අගමැති ධුරය භාරගන්නා ලෙස ගෝටාබය බල කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
උපුටාගැනීම්,
“2019 ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපති අපේක්ෂකයා බවට ප්‍රකාශ කිරීමට මට සිදු වුණා. ඒනිසා 2019 ජනාධිපතිවරණය ඉතාමත් සුවිශේෂී මැතිවරණයක්. වෙනස්ම ජනතාවාදී ප්‍රවේශයක් ජනතාවට අවශ්‍යව තිබුණා. නමුත් ඔහු ඉතා දරුණු පරාජයක් අත්කරගත්තා.”
“පසුගිය වසරේ මැයි 9 වැනිදා රට තුළ දැඩි කැලඹීමක් ඇති වුණා. ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරුන් 65 දෙනෙකුගේ නිවාස ගිනිබත් කිරීමත් සමඟම එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා.
එදින රාත්‍රියේ මම ආණ්‌ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සමඟ සාකච්ඡා කරමින් සිටියදී මම ඇහුවා මට කරන්න පුළුවන් උදව් මොනවද කියලා. පසුදිනම, ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාට කතා කර අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස දැනුම් දී තිබුණා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා.”
“මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහ ලෝක බැංකුවට යන ලෙස මා එවකට සිටි ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා. ඒ නිසා ආණ්‌ඩුව මට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස බලකර සිටියා.”
“ජනාධිපතිවරයාට හොර රහසේ වරායට පරිශ්‍රයට ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවකට නගිමින් ඔවුන්ගේ සහාය පැතීමට සිදු වුණා. එදා සවස පක්ෂ නායකයෝ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියා ප්‍රකාශ කළා. ඒ වගේම මම වැඩ බලන ජනාධිපතිවරයා විය යුතුයි කියන අදහසත් ඒ සමඟම ආවා.”

- lankatruth