gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

දුම්රියෙන් බැස ගෙදර එමින් සිටි නිතිඥවරියට හමුදා සෙබල පරණ පෙම්වතාගෙන් පිහි පහර!

රජයේ  නීතිඥ වරියකට අද (23) රාත්‍රි  පිහිපහර  එල්ලකල හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත්බව  පානදුර දකුණ පොලිසිය පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු හිටපු හමුදා සෙබළෙකු බවත් පොලිසිය කියයි.
පහරදීම යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය පවසයි .
 
සැකකරු  නීතිඥ වරිය සමග කලක පටන් අනියම් ප්‍රේම සම්බන්දයක් පවත්වා ඇති බවත්, ඇය මෑතකදී ඔහු මගහැර සිටීම හේතුවෙන් අද ඇය  පානදුර දුම්රියෙන් බැස නිවසකරා යමින් සිටියදී  පිටට සහ අතට පිහිපහර තුනක් එල්ලකර ඇති බවත් පොලිසිය කීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි රථවාහන අංශ නිළධාරීයෙක්ද සුළු කැපුම් තුවාල ලබා ඇතැයිද සඳහන් වේ.

තුවාල ලැබු  නීතිඥවරිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  .

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්නගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ලගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

- සුමිත් පොතුපිටිය
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka