gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පක්‍ෂයක් යනු රාජපක්ෂලාම නොවේ... පොහොට්ටුව හදන්න අපිත් වෙහෙසුනා... ගමේ පොහොට්ටු රනිල් එක්කයි - ප්‍රසන්න රණතුංග

පක්‍ෂයක් යනු රාජපක්ෂලා විතරක් නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙසේ අදහස් පල කරයි.

‘පක්ෂය එකක් රට තව එකක්. නමුත් පක්ෂයක් කියන්නේ රාජපක්ෂලා විතරක්ම නෙවෙයි. අනික රාජපක්ෂ විරෝධය තියෙන්නේ අලුත් පරපුර තුළ කියලා අපි පක්ෂයක් ලෙස හදුනා ගෙන තිබෙනවා.

පොහොට්ටුව හදන්න අපි සෑහෙන්න මහන්සි වුනා. එතන ගම්මට්ටමේ සාමාජිකයන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් තීරණය කරල තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට උදව් කරන්න ගත්ත තීන්දුව හොඳ තීන්දුවක් කියලා. ඒක වසරක් ඇතුළත පෙන්වා තිබෙනවා.

ඉතිං පක්ෂයක් කියන්නේ පොදු තීන්දුවක් එක්ක යන ගමනක්. ඒ නිසා ජනාධිපතිවරයාට සහාය දෙන්න ඕන කියන තැනක තමයි ගමේ පාක්ෂිකයන් කටයුතු කරන්නේ’
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka